Monday 26 January 2015

සිළු උකුසු රාජාලියා (Crested Hawk Eagle)

Crested Hawk Eagle
විද්‍යාත්මක නාමය : Nisaetus cirrhatus


මොවුන් වර්ග කීපයක්ම ඇති අතර සාමාන්‍යයෙන් දන්නා වර්ගයට 10-14cm පමණ දිගු සිළුවක් තිබේ. සාමාන්‍යයෙන් දුඹුරු පැහැ පියාපත් ඇති අතර පියාපත් අග කලු පැහැති තීරු 4-5ක් පමණ දැකිය හැක. පපුව හා යටි පැත්ත වයිරම් වැටුනු දුඹුරු පැහැතිය. පෙඳය යට පැත්ත කලවය හා වලලුකර ප්‍රදේශ තුනී සුදු පැහැයක් දැකිය හැක. පියාපත් 4ක් පමණ ඇති සිළුව කඩා වැටෙන සුලුය. නිකට හා බෙල්ල ප්‍රදේශ සුදු පැහැතිය. ඇස් කහ පැහැතිවේ. කකුල් වල පිහාටු පිරී ඇත. මොවුන්ගේ ශබ්දය ඉතා කර්කශ වන අතර සාමාන්‍යයෙන් බෝවන කාලයේදී වැඩියෙන් හඬ නගයි.
Photograph by Charith Ekanayake
පතනශීල, හරිත වනාන්තර, සවානා බිම්, තේවතු හෝ වගා බිම් වල දැකිය හැක. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 1-500ක් දක්වා පරාසයේ ජීවත්වේ. සමහර අවස්ථා වල මීටර 2200 පරාසයේද වාර්තාවේ. වසර පුරාම එකම වාස බූමියක යුගල් වශයෙන් සිටියද එක්ව දඩයමේ නොයයි. බෝවන කාලයේදී පැටවුන් තම දෙමාපියන්ගේ වාස භූමි වලින් ඉවත්ව යයි. දකුණු හා අග්නිදිග ආසියානු රටවල් වල ජීවත්වේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, අන්දමන් දූපත්, පිලිපීනය වැනි රටවල් වලද ඉන්දුනීසියන් දූපත්වන සුමාත්‍රාව, ජාවා වැනි ප්‍රදේශ වලද ජීවත්වේ.
Photograph bySajjitha Harsha Bandaranayake
කුකුලු පැටවුන්ගේ ප්‍රමාණයේ වූ කුරුල්ලන්, කුඩා ක්‍ෂීරපායින්, සර්පයන් හා කටුස්සන් ආහාරයට ගනී. උස් ගස් මුදුනක සිට ගොදුර දෙස බලාසිට පසුව පහත් ගසකට විත් වේගයෙන් ගොදුරවෙත පැමිණ ගොදුර ඩැහැ ගනී. අභිජනන කාලයේදී අහසේ රැඟුම් පාමින් හෝ පියාසරමින් කිරිල්ලියට ආමන්ත්‍රනය කරයි. දකුණු ඉන්දියාවේදී නොවැම්බර් - මැයි කාලයේදීත් ජනවාරි - පෙබරවාරි කාලයේ හිමාල කඳු ආශ්‍රිතවත් බෝවන කාලයන් ලෙස සැලකිය හැක. 95-105cm පමණ විශ්කම්භයෙන් හා 35-120cm කරම් ගැඹුරු කූඩුවක් තුරු මුදුනක කෝටු හා කොල එක්කර සාදයි. එහි එක් තිත් වැටුනු සුදුපැහැති බිත්තරයක් දමා දින 35-44ක් පමණ රකී. දින 65-70කින් පමණ පැටවුන්ගේ පිහාටු සෑදේ.
Photograph by Ranjan Attyagalle
Photograph by NayanHazra
Photograph by Kiran Salunke

Ceylon Hawk Eagle, Changeable Hawk Eagle, Crested Hawk Eagle, Marsh Hawk Eagle  යන නම් වලින්ද හැඳින්වෙන්නේ මෙම කුරුල්ලාමය.

කැස්වරි (Cassowary)

Cassowary
විද්‍යාත්මක නාමය : Casuarius casuarius

 පියාසැරීමට නොහැකි විශාල කුරුලු වර්ගයකි. ලෝකයේ දෙවැනියට බරම කුරුලු වර්ගය වන්නේද මෙම කැස්වරි කුරුල්ලාය. එමු නමින් හැඳින්වෙන කුරුල්ලාට සමාන කමක් දක්වන නමුදු ඔවුනට වඩා තරමක් මිටි සත්ත්වයෙකි. මොවුන්ගේ පිහාටු පියාසැරීමට අනුවර්ථනය වී නැතත් වැසි වනාන්තර වල ඇති කටු ගස් වලින් හා කුරුල්ලාගේ සම වියලිව තබා ගැනීමට උපකාරී වේ. මොවුන්ගේ පිහාටු කලු පැහැ වන අතර අලංකාර වූ නිල් පැහැයක් මුහුණ හා ගෙල පෙදෙසේ වේ.
Photograph by Chamara Sulakkhana
හිසේ ඇති ‍ආවරණයක් වැනි කොටස සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකකදී පමණ වර්ධනය වීම පටන් ගනී. ස්පොන්ජ් වැනි දෙයකින් සැදුනු මෙම ආවරණය තුනී කෙරටීන් තට්ටුවකින් ආරක්‍ෂාවේ. මෙය කුමක් සඳහා දැයි තවමත් හරි හැටි නොදත්තේ වුවත් වනාන්තරයේ ගස් ඈත් මෑත් කරද්දී හිස ආරක්‍ෂා කිරීමට යැයි සිතිය හැක. ගැහැණු සතුන්ගේ ශිර්ෂාවරණය මඳක් විශාලවේ. සාමාන්‍යයෙන් මොවුන් තර්ජනයකදී පිඹිමින් හෝ සූ ශබ්ද කරමින් අනෙක් සතුන්ට අනතුරු හඟවයි. මොවුන්ගේ බෙල්ලේ කුඩා මාංශමය මලු දෙකක් වැනි අවයවයක් එල්ලෙමින් පවතී. එය මොවුන් හඳුනාගැනීමට උපකාරීවේ. මොවුන් වනාන්තරයේ ඉතා ක්‍රියාකාරී සත්ත්වයෙකු වන නිසාවෙන් ජීවන රටාව අධ්‍යයනය ඉතා අපහසුය.
Photograph by Dileepa Wattegama
කැස්වරි යනු ලෙ‍ා්කයේ සිටින භායානකම කුරුලු විශේෂය වශයෙන්ද හඳුන්වා දිය හැක.  අඟල් හතරක් පමණ දිගු නියපොතු සහිත ඇඟිලි තුනක් පාද දෙකටම ඇත. තවද එම ශක්තිමත් පාද තර්ජනයකදී පහරදීමට යොදාගන්නා අතර සතුරාගේ සම ඉරා දැමීමට තරම් ප්‍රමාණවත් වේ. ඝණකම් වනාන්තරය හරහා පැයට කිලෝමීටර 50ක පමණ වේගයකින් දිවිය හැකි කුරුල්ලෙකි. අඩි 7ක් පමණ ඉහලට පැනීමටම ඔවුන් සමත්කම් දක්වයි. පිරිමි සතුන් දෙදෙනෙකු හමුවේදී වේගයෙන් පිඹිමින් හා පිහාටු විහිසමින් තරුජන දක්වන අතර එකෙකු පසු බැසීමෙන් සටන් අවසන් වේ. ගැහැණු සතෙකු හා පිරිමි සතෙකු මුණ ගැසුනු විටෙක ගැහැණු සතා පිරිමි සතා එලවාගෙන යෑම හෝ බලවත් රැවීමකින් තම ප්‍රදේශය ආරක්‍ෂා කර ගනී.

Photograph by Ambrose Dinesh Fernando
බෝවන කාලය ලෙස ජුනි ඔක්තෝම්බර් කාලය හඳුන්වා දිය හැක අතර එම කායේදී පිරිමි සතුන් ගැහැණු සතුන් වටා යමින් ඔවුනටආමන්ත්‍රණය කරයි. ගැහැණු සතුන් බිත්තර දැමීමට සුදුසු න තැරු සති කීපයක් දෙදෙනා එකට සිටිනු දැකිය හැක. පසුව කොටු කැබලි හා කොල එකතු කර බිම කූඩුවක් සාදා බිත්තර -ක් පමණ දමයි. කොල පැහැති බිත්තර පුපුරා පැටවුන් එනතුරු රැක ගැනීමට පිරිමි සත්ත්වයාට බාර කර පිටව යයි.දින 60කට පමණ පසු බිත්තර පුපුරා පැටවුන් එලියට පැමිණේ. මාස 9-10ක් පමණ පිය කුරුල්ලා සමග වෙසෙන් මෙම දුඹුරු පැහැයට හුරු පැටවුන් ජීවන රටාවන් උගෙන ගනී. පසුව පිය කුරුල්ලා ඔවුන් අතහැර නැවත කිරිල්ලියක් සොයයා යයි.

Friday 9 January 2015

පැස්බරා (Ostrich)

Ostrich
විද්‍යාත්මක නාමය : Struthio camelus

ලෝකයේ ජීවත්වන විශාලතම කුරුලු වර්ගය වන්නේ පැස්බරාය. මොවුන් ඔටු කුරුල්ලා ලෙසත් හැඳින්වෙනවා. ඒ මොවුන්ගේ අැති විශාල ඇස්, ඇවිදින විලාසය වැනි කරුණු කීපයක් නිසාවෙනි. පැස්බරා හට විශාල උණුසුමක් දරා සිටිය හැකි අතර ජලය නොමැතිව විශාල කාලයක් සිටිය හැක. අප්‍රිකාණු සතෙකු වන මොවුන් තණ බිමි ප්‍රදේශ වල සිටි කාන්තාර ප්‍රදේශ දක්වා ව්‍යාප්තව ඇත.

පිරිමි සත්ත්වයාට ලාක්‍ෂණික වූ කළු හා සුදු වර්ණ පිල්කලඹක් ඇත. ගැහැණු සතා දුඹුරු පැහැවේ. එක් සතෙකු සාමාන්‍යයෙන් මීටර 3ක් පමණ උසැතිය. බරින් 150kg පමණවේ. දිගු ශක්තිමත් පාද වල ඇඟිලි දෙක බැගින් පිහිටයි.
Photograph by Donarreiskoffer
ඔවුන්ගේ ශරීරයේ විශාල බර නිසාවෙන් පියාමීමට නොහැකි වුවත් ‍දිගු ශක්තිමත් පාද වේගයෙන් දිවීමට අනුවර්තනය වී ඇත. කෙටි දුරක් දීවීමේදී පැයට කිලෝමීටර 70ක පමණ වේගයක්ද දිගු දුරක් ඒකාකාරව දුවන්නේ නම් පැයට කිලෝමීටර 50ක වේගයක්ද පවත්වා ගත හැකි අතර පියවර දෙකක් අතර දුර මීටර 3-5 අතර වේ. ඔවුන්ට පියාපත් ඇතත් ඒවා පියාසැරීමට නොව වේගයෙන් දිවීමේදී දිශව වෙනස් කිරීමට හා සමබරතාව රැක ගැනීමට උදව් වේ. තවද විරුද්ධ ලංගිකයන් ආකර්ෂණය කිරීමටද ඔවුන් පියාපත් යොදාගනී.

සාමාන්‍යයෙන් රංචු වශයෙන් ජීවත් වන මොවුන් රංචුවක සතුන් 10 සිට 100ක ප්‍රමාණය දක්වා සිටිය හැක. මෙය ඔවුන් සතුරන්ගෙන් ආරක්‍ෂා වීමේ ක්‍රමයක් ලෙසද භාවිත‍ාවේ. තවද තර්ජනයකදී දිව ගැනීමට නොහැකි අවස්ථාවන්හිදී ඔවුන් බිම ලැග දිගු බෙල්ල පොලව තම දිගාකරගනී. එවිට සතුරන් ගෙන් ආරක්‍ෂා වන අතර එනිසාවෙන්ම පැස්බරා අනතුරකදී හිස වැලි තුල හංගා ගන්නවා යැයි මිත්‍යාවක් පවා බිහිවී ඇත. පැස්බර බිත්තර බොහෝ විට හයිනාවන්ගේ ගොදුරු වන අතර ඊජිප්තු ගිජිලිහිණියන්ද බිත්තර ආහාරයට ගනී. ඒ සඳහා ඔවුන් ගල් ගෙනවිත් අහසේ සිට අත්හැර බිත්තර බිඳ අහරට ගනී. නමුදු වැඩුනු සතෙකු සතුරු තර්ජනයකදී එල්ල කරන පා පහරක් සිංහයකු පවා මරා දැමීමට තරම්වේ. 
Photograph by Keshawa Bulathsinhala
ආහාර ලෙස කුඩා පැලෑටි හා කුඩා සතුන් ආහාරයට ගන්නා අතර සාමාන්‍යයෙන් ආහාර ප්‍රමාණයක් උගුර තුල එක්රැස් කර පසුව ගිල දැමීම සිදු කරයි. දිගු ආහාර ජීරණ පද්ධතියක් හිමි මොවුන් ගන්නා ආහාරය සම්පූර්ණයෙන්ම පාහේ ජීරණය කරවන අතර දිරවීම පහසු කර ගැනීමට වැලි, කුඩා ගල් කැට පවා ආහාරයට ගනී. ජලය පානය කිරීම අඩු වුවද ගන්නා ආහාර වලින්ම ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය සපුරා ගනී.
Photograph by Chamara Sulakkhana
සාමාන්‍යයෙන් රංචුවක ප්‍රධාන පිරිමි සතෙකු හා ගැහැණු සතෙකු සිටින අතර මෙයට අමතරව ගැහැණු සතුන් කීපයක් සිටී. සමහර විටෙක තව් පිරිමි සතුන්ද එක්වේ. ප්‍රධාන පිරිමි සත්ත්වයා හා ගැහැණු සත්ත්වයා එක්ව පැටවුන් ‍බෝ කරන අතර වරකට බිත්තර 7-10ක් පමණ දමයි. බිත්තර රකිනු ලබන්නේ කිරිල්ලිය විසිනි. සමහර විටෙක ප්‍රධාන කුරුල්ලා හා අනෙක් කිරිල්ලියන් හෝ වෙනත් කුරුල්ලන් හා අනෙක් කිරිල්ලියන් එක්ව වුවද බිත්තර දමන්නේ ප්‍රධාන කිරිල්ලිය බිත්තර දැමූ කූඩුවේමය. නමුදු ප්‍රධාන කිරිල්ලියගේ බිත්තර කූඩුව මැද පරිස්සමින් රකිනු ලබන්නේය. සමානයයෙන් බිත්තරයක් අඟල් 6ක් දිග අඟල් 5ක් පලල් වන අතර බරින් 1.5kg පමණ වේ. බිත්තර රැකීම දවල් කාලයේදී ගැහැණු සතුන්ද රාත්‍රී කාලයේ පිරිමි සතුන්ද සිදු කරයි.
කුඩා පැටවුන් බිහිවී දින කීපයකදීම වැඩුනු කුරුල්ලන් සමඟ ආහාර සොය‍‍ා යන අතර ඔවුන්ගේ වර්ධනය මසකට අඩියක් පමණ වේ. තර්ජනයකදී පිරිමි සතුන් ශබ්ද කරමින් විලා්පිකයන්ගේ අවධානය වෙනත් පැත්තකට හරවන අතර ගැහැණු සතුන් පැටවුන් විගස ආරක්‍ෂාකාරීව පඳුරු අතර සඟවයි. අවුරුදු 3ක් හෝ 4ක් යන තුරු පැටවුන් සියල්ල එකම විදිහට දිස්වෙන අතර ඉන්පසු ලිංගික වෙනස අනුව වර්ණ පිහාටු ලැබේ. සාමාන්‍යයෙන් වසර 40ක් පමණ ජීවත්වන සත්ත්වයෙක් ලෙස සැලකේ.
T අhe ostrich is the largest and heaviest living bird. As its species name, camelus, suggests, the ostrich was once known as the “camel bird” because of its long neck, prominent eyes, and sweeping eyelashes, as well as its jolting walk. Also, like camels, the ostrich can tolerate high temperatures and go without water for long periods of time. Native to Africa, ostriches are found in savanna and desert regions, were they graze among giraffes, zebras, wildebeest, and gazelles. - See more at: http://animals.sandiegozoo.org/animals/ostrich#sthash.cJOhKXHW.dpuf
The ostrich is the largest and heaviest living bird. As its species name, camelus, suggests, the ostrich was once known as the “camel bird” because of its long neck, prominent eyes, and sweeping eyelashes, as well as its jolting walk. Also, like camels, the ostrich can tolerate high temperatures and go without water for long periods of time. Native to Africa, ostriches are found in savanna and desert regions, were they graze among giraffes, zebras, wildebeest, and gazelles. - See more at: http://animals.sandiegozoo.org/animals/ostrich#sthash.cJOhKXHW.dpuf
The ostrich is the largest and heaviest living bird. As its species name, camelus, suggests, the ostrich was once known as the “camel bird” because of its long neck, prominent eyes, and sweeping eyelashes, as well as its jolting walk. Also, like camels, the ostrich can tolerate high temperatures and go without water for long periods of time. Native to Africa, ostriches are found in savanna and desert regions, were they graze among giraffes, zebras, wildebeest, and gazelles. - See more at: http://animals.sandiegozoo.org/animals/ostrich#sthash.IBHK4Uxu.dpuf