Tuesday 29 November 2016

උස් පෙති කඳුලැස්ස Tall pale sundew

Tall shield sundew or Tall pale sundew
විද්‍යාත්මක නම : Drosera peltata subsp. auriculata 

විශාල ජෛව විවිධත්වයකින් හෙබි ශ්‍රී ලංකාවේ තිබෙන මාංශ භක්‍ෂක ශාක විශේෂයක් විදිහට කඳුලැස්ස ශාකය හඳුන්වා දෙන්න පුළුවන්. බාඳුරා, නිල්මොනරැස්ස කියන්නේත් මේ වගේ මාංශ භක්‍ෂක ශාක. ටිකක් විතර දුර්ලභ ශාකයක් වෙන මේ ශාකයේ උප වි‍ශේෂ ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ පෙති කඳුලැස්ස කියන විශේෂයේ උප විශේෂයක් වුන උස් පෙති කඳුලැස්ස ශාකයක පින්තූර කීපයක්.

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව හා පිලිපීනයද ඇතුලත් නැගෙනහිර ආසියාතික රටවල් වල දක්නට ලැබෙන ශාකයකි. ඉතා විශාල වශයෙන් උප විශේෂ ලෙස අනුවර්තනය වී ඇත.  පස යට සෙන්ටිමීටර 5ක් පමණ පහලින් අල හටගන්නා අතර පස මතුපිට සෙන්ටිමීටර 5-50 දක්වා පරාසයේ වැඩේ. සාමාන්‍යයෙන් තෙත් සෙවන සහිත ප්‍රදේශ වල වැවේ. වියලි කාලයේදී ශාකයද හැකිලී ගියත් යලි වැසි කාලයේදී පෙර පරිද්දෙන් සැකසේ. මෘදු පස සහිත ප්‍රදේශ වල දැකිය හැකිය.

සිංහල වෙදකමේ පිළිකා සුව කිරීමේ බෙහෙත් වට්ට‍ෝරුවක අඩංගු පැලෑටියක් නිසා දැන් දැන් මේ පැලෑටිය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වෙමිනුයි යන්නේ. ඒ අධිපරිභෝජනය නිසා. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පැලෑටිය ගලවාගෙන යනවා වුනත් කිසිවෙක් මෙය වගා කරන්න උත්සාහ කරන්නේ නෑ. කොහොම වුනත් අනාගතය වෙනුවෙන් රකින්න ඕන පැලෑටියක් නිසා දැක්ක තැනකදී පරිස්සම් කරන්න අමතක කරන්න එපා.

Thursday 13 October 2016

පතාක බඹරා Ensign Wasp

Ensign Wasp

විද්‍යාත්මක නම : Evonia appendigaster

වැඩිහිටි සතුන් සම්පූර්ණ වශයෙන් කලු පැහැතිය. පියාපත් යුගල දෙකකුත් පාද යුගල තුනකුත් ඇත. පියාපත් අඟල් 1/4 ක් 1/3ක් තරම් දිගුවේ. ඉහල පහල කල හැකි එනම් ධංයක් මෙන් සෙලවිය හැකි කලු පැහැති උදරය නිසා මේ නම ලැබී ඇත. ඇස් නිල් පැහැතිය.
Photograph by Chamara Sulakkhana
කැරපොත්තන්ගේ බිත්තර ආහාරයට ගන්නා නිසා මොවුන් විලෝපිකයන් ලෙස හැඳින්වුවද ඇත්ත වශයෙන්ම මොවුන් පරපෝෂිතයන්ය. එසේ වන්නේ මොවුන් කැරපොත්තන්ගේ බිත්තර කවච තුල තම ජීවන චක්‍රයේ අවධියක් ගත කරන නිසාවෙනි. ගැහැණු සතුන් කැරපොත්තාගේ බිත්තර කවචය තුල දමන අතර කීටයන් කැරපොත්තාගේ බිත්තරය තම ආහාරය ගර ගනී. සාමාන්‍යයෙන් එක් කැරපොතු බිත්තරයකට එක් බඹර බිත්තරයක් දමයි. 
Photograph by Chamara Sulakkhana
වැඩිහිටි බඹරන් මල් පැණි හා කූඩිත්තන් මත ඇති ශාක සාර ආහාරයට ගන්නා අතර සමහර වේලාවන් වලදී කුරපොත්තන්ගේ බිත්තර ආහාරය කරගනී. බොහෝ විට මේ අවස්ථාවේදී මිනිසුන් මොවුන් දරුනු සතුන් යැයි විනාශ කරන අයුරු දැකිය හැක. ඇත්තෙන්ම හොවුන් හානිකර නොවන ප්‍රයෝජනවත් සත්ත්ව විශේෂයක් ලෙස හැඳින්විය හැකිය.

Saturday 17 September 2016

දලව මැඩිල්ලා Common Rough-sided Snake

Common Rough-sided Snake

විද්‍යාත්මක නම : Aspidura trachyprocta

ශ්‍රී ලංකාවට ආවේණික නිර්විශ සර්ප විශේෂයකි. කුඩා සර්ප විශේෂයක් වන මොවුන් කුහර වල ජීවත්වේ. මධ්‍ය කඳුකරයේ ජීවත්වේ. ගම්මඩුව, මොණරාගල, පබුකැලේ, නුවරඑළිය, හරස්බැද්ද, පූඩලු ඔය, මැද මහනුවර, ලොන්ග්ටස් ‍වතුයාය, නානුඔය, සීතා එළිය, පට්ටිපොල, හග්ගල, හෝර්ටන් තැන්න, නමුණුකුල, රදැල්ල, රම්බොඩ හා දියතලාව අාදී මුහුදු මට්ටමේ සිට මීටර 750 සිට 2100 දක්වා පරාසයේ වාර්තා වී ඇත.
Photograph by Chamara Sulakkhana
හිස ගෙල වෙන්ව දැකිය නොහැකි සිලින්ඩරාකාර දේහයකි.  පාර්ශ්විකව ඉරි හා අඳුරු පෘෂ්ඨිය ලප පේලි 2-3ක් පමණ වේ. කලු-දුඹුරු පැහැයේ සිට රතු පැහැයට හුරු දුඹුරු වර්ණ ආදී විවිධ පරාසයන්හි සතුන් දැකිය හැක.
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana
බිම් පණුවන් හා කුහුඹුවන් ආහාරයට ගන්නා මොවුන් කෘෂිකාර්මික ප්‍රදේශ වල, හියුමස් පසේ හා කොළරොඩු අතර දැකිය හැක.වරකට 16 x 25mm ප්‍රමාණයේ බිත්තර 4-12 දක්වා ගණනක් දමයි.
Photograph by Chamara Sulakkhana

Tuesday 9 August 2016

දියබරියා/දියනයා Boulenger's keelback

Boulenger's keelback

විද්‍යාත්මක නම : Fowlea asperrimus
වෙනත් නම් : Boulenger's keelback / Sri Lankan keelback

ලංකාවට ආවේණික වූ සත්ත්ව විශේෂයකි. තෙත් හා වියළි කලාපය යන දෙකෙහිම දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර 1000ක් තරම් වූ ස්ථාන වල කුඩා පොකුණු, කුඹුරු අසල දිය කඩිති ආදියේ දැකිය හැකිය. 
Photograph by Chamara Sulakkhana

සිලින්ඩරාකාර ශරීරය කෙටිය. හිස සහ ගෙල වෙන්ව දැකිය හැකිය. ඇස් කලු පැහැතිය ගෝලාකාරය. ඉහලින් විවෘත වූ නාස් කුහර දෙකකි. දිගටි වලිග කොටසකි. ඔලිව් පැහැයට හුරු දුඹුරු පැහැතිය. ශරීරයේ උඩ පැත්තේ කලු පැහැති විශාල පැල්ලම් හෝ බෙදීම් දැකිය හැක. එ්වා ශරීරයේ 20 සිට 32දක්වා ප්‍රමාණයක් දැකිය හැක. ඇස පිටුපස ඇති කලු පැහැ රේණා දෙකකි. ශරීරය යටි පැත්ත සුදු පැහැතිය. උපතේදී සෙන්ටිමීටර 10ක් පමණ වන මොවුන් වැඩුනු පසු සෙට්ටිමීටර 40ත් 70ත් අතර ප්‍රමාණයේ වේ. සාමාන්‍යයෙන් ගැහැණු සතුන් ප්‍රමාණයෙන් විශාල වේ. 
Photograph by Chamara Sulakkhana

Photograph by Chamara Sulakkhana

Photograph by Chamara Sulakkhana

Photograph by Chamara Sulakkhana

විශ රහිත සර්පයෙකු ලෙස හඳුන්වා දුන්නද කෝපාවිශ්ඨ සතෙකුගේ සපාකෑම නිසා ඇතිවන තුවාල පහසුවෙන් සුව නොවේ. දින 55-67 දක්වා වූ ගර්භණී කාලයක් වේ. බිත්තර දැමූ පසු එය රැකීමක් සිදු නොකලද සාමාන්‍යයෙන් බිත්තර දැමූ ස්ථානය අසල ගැවසේ. වරකට බිත්තර 4 - 30ක් පමණ සැප්තැම්බර් - ඔක්තෝම්බර් කාලය තුලදී දමයි.
Photograph by Chamara Sulakkhana

Photograph by Chamara Sulakkhana 

Sunday 31 July 2016

දැතිගෝමරයා Black-headed Snake

Black-headed Snake

විද්‍යාත්මක නාමය : Sibynophis subpunctatus ceylonicus

වෙනත් නම් : Jerdon's Polyodent

ශ්‍රී ලංකාවට ආවේණික වන නිර්විශ සර්ප විශේෂයකි. මීටර 750ක් පමණ වන වියළි කලාපීය ප්‍රදේශ වල හා පහත් තෙත් බිම් වල හා මැදි තෙත් බිම් වල දැකිය හැකිය. නෑබොඩ, පානදුර, ගාල්ල, බෙල්ලන්විල, හොරණ, කොලඹ, පුත්තලම, සිංහරාජය, ගලතුර, ගල්ඔය, සේරුකැලේ, බෙන්තොට, දෙනියාය, කලුතර වැනි ප්‍රදේශ වල වාර්ථා වී ඇත.
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana
හිස ඉහල කලු පැහැති වන අතර යටි පැත්ත කහ පැහැතිවේ. ඉන්පසු කලු පැහැති මුදුවක් බෙල්ල වටා ඇති අතර ඉන්පසු සුදු පැහැයට හුරු කහ පැහැති මුදුවකි. ශරීරය ඉතිරිය ලා දුඹුරු පැහැතිය. දුඹුරු අලු පැහැයත් රතු මිශ්‍ර දුඹුපැහැයත් ඇති ශරීරයේ තද දුඹුරු පැහැති තිත් පේලි දැකිය හැකිවේ. යටිබඩ සුදු පැහැ වන අතර එය දෙපසද කලුපැහැ තිත් පෙල දැකිය හැකිය.
Photograph by Chamara Sulakkhana
වගාබිම් ආශිතව කුඩා ලඳුකැලෑවල දැකිය හැකිය. දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීදිත් ක්‍රියාශීලිය. පඳුරු යට හෝ ලිහිල් පස් යට සැඟව සිටී. 
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana
වරකට බිත්තර 2-6 ත් අතර ප්‍රමාණයක් දමයි. 20cm සිට 35cm දක්වා වර්ධනයක් දක්වයි. කුඩා ගෙම්බන්, කුඩා සර්පයන්, කටුස්සන්, සිකනලුන් වැනි සතුන් ආහාරයට ගනී.
Photograph by Chamara Sulakkhana

Tuesday 2 February 2016

වකුටු කොළ පඳුරු මැඬියා Leaf Dwelling Shrub Frog

Leaf Dwelling Shrub Frog

විද්‍යාත්මක නාමය : Philautus folicola

ලංකාවට ආවේණික මැඬි විශේෂයකි. පිරිමි සතුන් දහවල් කාලය තුලදී වියළි ඇඹරී ගිය පත්‍ර තුල වාසය කරයි. ලතින් භාෂාවෙන්ද Folium යනු ශාක පත්‍ර යන අදහසද cola යනු වාසය කරන්න යන අර්ථයද වේ. ශරීරය පෘෂ්ඨීයව තද දුඹුරු පැහැතිය. කහ පැහැති රේථාවක් හොම්බ කෙලවර සිට ගුදය දක්වාම ශරීරය මධ්‍යයෙන් විහිදේ. තුරු වියනක් ඇති වනාන්තර ආශ්‍රිතව වාසය කරන මෙම මැඬි විශේෂයෙ සාමාන්‍යයෙන් මීටර 0.3 - 2 තරම් උස පඳුරු මත වාසය කරයි. මුහුදු මට්ටමේ සිට මීටර 60-660 දක්වා පරාසයේ දැකිය හැකිය.
Photograph By Chamara Sulakkhana
ශරීරය පිට පැත්ත කහ පැහැයට හුරු දුඹුරු පැහැතිය. උදරය සුදු පැහැයට හුරු ලප සහිත වේ. සාමාන්‍යයෙන් 24-29 mm අතර ශරීර ප්‍රමාණයෙන් යුතු මොවුන්ගේ පිරිමි සතුන්ට වඩා ගැහැණු සතුන් මක් විශාලවේ. පිරිමි සතුන් ඇකිලුණු ශාක පත්‍ර තුල සිට ශබ්ද නිකුත් කරන අතර එවැනි අවස්ථා වලදී ඔවුන් සොයා ගැනීම ඉතා අසීරුවේ.
Photograph By Chamara Sulakkhana

ලංකාවට ආවේණික විශේෂයක් වන බැවින් සත්ත්ව හා තුරුලතා ආඥාපනත යටතේ ආරක්‍ෂිත විශේෂයක් වශයෙන් නම් කර ඇත. 

Sunday 31 January 2016

කළු කොපුල් කටුස්සා Black-lipped Lizard

Black-lipped Lizard

විද්‍යාත්මක නම : Calotes nigrilabris

වෙනත් නම් : Black Cheek Lizard, කට කළු කටුස්සා

කඳුකර විශේෂයක් වන මෙම කටුස්සා ලංකාවට ආවේණික විශේෂයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1000කට ඉහලදී දැකිය හැකිය. ‍බොහෝ විට පඳරු මත, අතු ඉති මත හෝ වැටවල් මත කුඩා කෘමීන් හා පණුවන් දඩයම් කරමින් සිටිනු දැකිය හැක. බොහෝ විට හේවා හැට, හක්ගල, නුවර එළිය වැනි ප්‍රදේශ වලද මධ්‍යම පලාතේ පට්ටිපොල, ඔහිය, හෝර්ටන් තැන්න හා ශ්‍රී පාද අඩෙවිය වැනි ප්‍රදේශ වලදී දැකිය හැකිය.
Photograph by Chamara Sulakkhana
කණ පිටුපසින් හා පිට දිගේ කණ්ඨක පෙලක් දැකිය හැක. වැඩිහිටි පිරිමි සතුන්ගේ ඉදිමුණු ස්වභාවයේ කම්මුල් දැකිය හැක. කණ්, කම්මුල් හා කට වටා කළු පැහැතිය. ඇස වටා කළු පැහැ රවුමක් දැකිය හැක අතර ශරීරය කොළ පැහැතිය. ශරීරය යට පැත්තට වඩා උඩ පැත්ත තද කොළ පැහැයෙන් දිස්වේ.
Photograph by Chamara Sulakkhana
දෙසැම්බර් මාසයේදී බිත්තර දමයි. ගැහැණු සතුන් පොළවේ ගුලක් හාරා වරකට බිත්තර දෙකක් දමයි. ඒවා ප්‍රමාණයෙන් 23 x 13 mm තරම්වේ. බිත්තර වලින් පිටතට එන පැටවුන් සාමාන්‍යයෙන් 30mm තරම්වේ.

2007 දී IUCN නාමකරණයේ අවධානමට ලක්වූ විශේෂයක් වශයෙන් නම් කර ඇත.
Photograph by Chamara Sulakkhana