Tuesday 2 February 2016

වකුටු කොළ පඳුරු මැඬියා Leaf Dwelling Shrub Frog

Leaf Dwelling Shrub Frog

විද්‍යාත්මක නාමය : Philautus folicola

ලංකාවට ආවේණික මැඬි විශේෂයකි. පිරිමි සතුන් දහවල් කාලය තුලදී වියළි ඇඹරී ගිය පත්‍ර තුල වාසය කරයි. ලතින් භාෂාවෙන්ද Folium යනු ශාක පත්‍ර යන අදහසද cola යනු වාසය කරන්න යන අර්ථයද වේ. ශරීරය පෘෂ්ඨීයව තද දුඹුරු පැහැතිය. කහ පැහැති රේථාවක් හොම්බ කෙලවර සිට ගුදය දක්වාම ශරීරය මධ්‍යයෙන් විහිදේ. තුරු වියනක් ඇති වනාන්තර ආශ්‍රිතව වාසය කරන මෙම මැඬි විශේෂයෙ සාමාන්‍යයෙන් මීටර 0.3 - 2 තරම් උස පඳුරු මත වාසය කරයි. මුහුදු මට්ටමේ සිට මීටර 60-660 දක්වා පරාසයේ දැකිය හැකිය.
Photograph By Chamara Sulakkhana
ශරීරය පිට පැත්ත කහ පැහැයට හුරු දුඹුරු පැහැතිය. උදරය සුදු පැහැයට හුරු ලප සහිත වේ. සාමාන්‍යයෙන් 24-29 mm අතර ශරීර ප්‍රමාණයෙන් යුතු මොවුන්ගේ පිරිමි සතුන්ට වඩා ගැහැණු සතුන් මක් විශාලවේ. පිරිමි සතුන් ඇකිලුණු ශාක පත්‍ර තුල සිට ශබ්ද නිකුත් කරන අතර එවැනි අවස්ථා වලදී ඔවුන් සොයා ගැනීම ඉතා අසීරුවේ.
Photograph By Chamara Sulakkhana

ලංකාවට ආවේණික විශේෂයක් වන බැවින් සත්ත්ව හා තුරුලතා ආඥාපනත යටතේ ආරක්‍ෂිත විශේෂයක් වශයෙන් නම් කර ඇත.