Sunday 21 June 2020

දිමියා වැනි මකුලුවා Kerengga ant-like jumper

විද්‍යාතමක නාමය : Myrmaplata plataleoides

Red Ant Mimic Spider යන නාමයද භාවිතා වේ. Kerengga යනු මැලේ භාෂාවෙන් කුහුඹුවා වේ
 
ප්රමාණයෙන් ගැහැණු සතෙකු 6-7mm පමණ වන අතර පිරිමි සතෙකු 9-12 mm පමණ වේ. මොවුන් දිමියන් (Oecophylla smaragdina) අනුකරණය කරයි. කුහුඹුවන්ට මෙන් ශරීරය හිස, උරස උදරය ලෙස කොටස් තුනක් නොමැති බැවින් තම කද කොටස ඉණක් වශයෙන් කොටසක් වෙන් වී තිබේ. කුහුඹුවන්ට පාද 6ක් ඇති අතර මකුලුවන්ට පාද 8ක් ඇත. ප්රධාන ඇස් යුගලයක් සමග ඇස් 8කින් සමන්විත වේ.
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - පිරිමි සතෙකු මදුරුවෙකු දඩයම් කරගෙන
ගැහැණු සතුන් දිමියන්ට බොහෝ සමාන වන අතර පිරිමි සතුන්නේ ඉදිරි හනු එක් කර ගත් විට විශාල දිමියෙකු කුඩා දිමියෙකු ඔසවාගෙන යන ආකාරයක් දිස්වේ. සාමාන්යයෙන් මෙම හනු හකුලා සිටින අතර ආහාරයක් හමුවූ විට දිග හරී. මෙම හනු දිගහරිමින් ‍‍ගොදුර ඩැහැ ගැනීම සිදු කරනු ලබන අතර මුඛය වෙත යොමු කිරීමටද මෙම හනු උපයෝගී කර ගනී.
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - ගැහැණු සතෙක් දඩයමක අවසානය රස විදිමින්
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - ගැහැණු සතෙක් දඩයමක අවසානය රස විදිමින්
පිණුම් මකුලුවන් වර්ගයක් වන මොවුන් ශාක පත්ර මත කුඩා දැල් වලින් සැකසූ පැසක් තුල ජීවත් වේ. ආහාරයක් දුටු විට තම කූඩුවෙන් ක්ෂණිකව සැගව සිට පහරදී ගොදුර අල්ලා ගන්නා අතර තමාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ විට පමණක් පැනීම සිදු කරයි.
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - පිරිමි සතෙකු මදුරුවෙකු දඩයම් කරගෙන
මොවුන්‍‍ගේ අනුවර්තනය දිමියන් අතර සිටිමින් තමාගේ ආරක්ෂාව සපයා ගැනීම සදහා වේ. විලෝපිකයන් දිමියන්‍‍ගේ ඇති ඇඹුල් රස නිසා ආහාරයට ගැනීමට අකමැත්තක් දක්වන අතර මොවුන් දිමියන්ට සමාන නිසා මොවුන්ටද එයින් ආරක්ෂාව සැපයේ. තවද මොවුන් දිමියන්ගේ කොලනි වලින් පැටවුන සොරකම් කිරීමද සිදු කරයි.

Saturday 20 June 2020

කඩදාසි බඹරා - Paper Wasp

විද්‍යාත්මක නාමය : Ropalidia marginata
කලංසූරියන් එහෙමත් නැතිනම් කලාන්දුරුවා යන  ප්‍රාදේශීය නාමයන්ගෙන් හැදින්වෙන මෙම බඹර විශේෂය අයිති වෙන්නේ Vespidae කියන කාණ්ඩයට. අදුරු රතු පැහැයට හුරු ශරීරයක් දරයි. සමහර සන්ධි වල කහපැයැයක් දරයි. බදේ පහල කොටසේ කහ පැහැති වර්ණ මුදුවක් ඇත. ගැහැණු කම්කරුවන් රැජිනට වඩා වෙනස් වන්නේ කාර්යයන්ගෙන් පමණි. ගැහැණු සතුන් වයස් ගත වන විට ඩිම්භ වර්ධනය වීම මත රැජිනක් වීමේ හැකියාව ඇතිවේ. රැජිනක් වීම තීරණය වනුයේ සිටින රැජින මිය ගිය පසුය. එවිට රැජින වීමේ සුදුසුකම ඇත්තා වඩා කේන්තිකාරයෙකු බවට පතවේ. මෙම සිදුවීම නිසා ඔවුන් තුල රැජින වීමේ වර්ධනය වීම් සිදුවේ. 
Photograph by Sulakkhana Chamara
රැජින ෆෙරමෝන භාවිතා කරමින් ගැහැණු සතුන් එනම් වැඩකාර බඹරුන්ට තම කාර්යයන් කරන ලෙස පෙළඹවීම සිදු කරනු ලැබේ. එවිට ඔවුන් පැමිණ තම කොලනිය සෑදීමේකාර්යය කරනු ලබන අතර රජින බිත්තර දැමීම ආරම්භ කරයි. මෙය කිසිදු බල කිරීමකින් තොරව රසායණිකව සිදු වන ක්‍රියාවලියකි. පිරිමි සතුන් සංසර්ගයෙන් පසු වෙනත් කොලනි වලට පියාඹ යන අතර ඔවුන් කොලනිය අසල සිටින විට කොලනියේ සිටින පිළවුන් ආහාරයට ගන්නා අවස්ථා නිරීක්‍ෂණය වී තිබේ. 
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara
ශාක සෙලියුලෝස් හා බඹරාගේ ඛේඨය යොදා ගනිමින් සාදනු ලබන පල්පයක් භාවිතා කරන මොවුන් තම කොලනිය නිර්මාණය කරනු ලබයි. කුටීර 10ක සිට 500ක් දක්වා වූ කොලනි නිර්මාණය කරන අතර මෙම නිර්ඹානය නිසා සීත කාලයේදී පවා පිළවුන්ට උෂ්ණත්වය පවත්වා ගැනීමේ හැකියාව ලැබේ. එමෙන්ම ජලයට ඔරොත්තු දෙන හැකියාවක්  ද පවතිනවා. ෂඩස්‍රාකාර මෙම නිවහන බොහෝ විට පහලට එල්ලෙන ආකාරයෙන් සාදන අතර එහි හැඩය නිසා වඩා ශක්තියක් එය සතුව පවතී. 

මගේ ඡායාරූප තියෙන Facebook පිටුවටත් Like එකක් දාන්න