Saturday 20 June 2020

කඩදාසි බඹරා - Paper Wasp

විද්‍යාත්මක නාමය : Ropalidia marginata
කලංසූරියන් එහෙමත් නැතිනම් කලාන්දුරුවා යන  ප්‍රාදේශීය නාමයන්ගෙන් හැදින්වෙන මෙම බඹර විශේෂය අයිති වෙන්නේ Vespidae කියන කාණ්ඩයට. අදුරු රතු පැහැයට හුරු ශරීරයක් දරයි. සමහර සන්ධි වල කහපැයැයක් දරයි. බදේ පහල කොටසේ කහ පැහැති වර්ණ මුදුවක් ඇත. ගැහැණු කම්කරුවන් රැජිනට වඩා වෙනස් වන්නේ කාර්යයන්ගෙන් පමණි. ගැහැණු සතුන් වයස් ගත වන විට ඩිම්භ වර්ධනය වීම මත රැජිනක් වීමේ හැකියාව ඇතිවේ. රැජිනක් වීම තීරණය වනුයේ සිටින රැජින මිය ගිය පසුය. එවිට රැජින වීමේ සුදුසුකම ඇත්තා වඩා කේන්තිකාරයෙකු බවට පතවේ. මෙම සිදුවීම නිසා ඔවුන් තුල රැජින වීමේ වර්ධනය වීම් සිදුවේ. 
Photograph by Sulakkhana Chamara
රැජින ෆෙරමෝන භාවිතා කරමින් ගැහැණු සතුන් එනම් වැඩකාර බඹරුන්ට තම කාර්යයන් කරන ලෙස පෙළඹවීම සිදු කරනු ලැබේ. එවිට ඔවුන් පැමිණ තම කොලනිය සෑදීමේකාර්යය කරනු ලබන අතර රජින බිත්තර දැමීම ආරම්භ කරයි. මෙය කිසිදු බල කිරීමකින් තොරව රසායණිකව සිදු වන ක්‍රියාවලියකි. පිරිමි සතුන් සංසර්ගයෙන් පසු වෙනත් කොලනි වලට පියාඹ යන අතර ඔවුන් කොලනිය අසල සිටින විට කොලනියේ සිටින පිළවුන් ආහාරයට ගන්නා අවස්ථා නිරීක්‍ෂණය වී තිබේ. 
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara
ශාක සෙලියුලෝස් හා බඹරාගේ ඛේඨය යොදා ගනිමින් සාදනු ලබන පල්පයක් භාවිතා කරන මොවුන් තම කොලනිය නිර්මාණය කරනු ලබයි. කුටීර 10ක සිට 500ක් දක්වා වූ කොලනි නිර්මාණය කරන අතර මෙම නිර්ඹානය නිසා සීත කාලයේදී පවා පිළවුන්ට උෂ්ණත්වය පවත්වා ගැනීමේ හැකියාව ලැබේ. එමෙන්ම ජලයට ඔරොත්තු දෙන හැකියාවක්  ද පවතිනවා. ෂඩස්‍රාකාර මෙම නිවහන බොහෝ විට පහලට එල්ලෙන ආකාරයෙන් සාදන අතර එහි හැඩය නිසා වඩා ශක්තියක් එය සතුව පවතී. 

මගේ ඡායාරූප තියෙන Facebook පිටුවටත් Like එකක් දාන්න

No comments:

Post a Comment