Thursday 1 October 2020

පෙරදිග නිල් මඩ ගොහොරු බඹරා Oriental blue mud dauber wasp

විද්‍යාත්මක නාමය : Chalybion bengalense

ප්‍රමාණයෙන් අගලක් පමණ දිග ශරීරයක් ඇත. ගැහැණු සතුන් හා පිරිමි සතුන් ප්‍රමාණයෙන් සමාන වේ. ආක්‍රමණශීලීතාවයක් නොපෙන්වන මොවුන්ගේ දෂ්ඨනයන් ඉතා දුලභය.

Photograph by Sulakkhana Chamara - Chalybion bengalense කැදැල්ලට යන අයුරු

මල් පැණි ආහාරයට ගනිමින් ජීවත් වේ. නමුත් ඔවුන්ගේ කූඩු තුල පැණි එකරැස් නොකරයි. අනෙක් බඹර විශේෂ මෙන්ම විලෝපිකයන් වන මොවුන් බිත්තර දැමීම සදහා ධාරකයා වශයෙන් මකුලුවන් තෝරා ගනී. ගැහැණු සතුන් මකුලුවෙකු අල්වාගෙන ඔවුන්ගේ උදරය තුලට මල එන්නත් කරයි. මල තුල ඇති විෂ නිසා මකුලුවා අංශභාග තත්ත්වයට පත්වේ. පසුව එම මකුලුවන් ඔසවාගෙන කූඩුව සදහා තෝරාගත් සිදුර තුල ගබඩා කරනු ලැබේ. ගබඩා කිරීමට ප්‍රථම මකුලු උදරය තුලට බිත්තරයක් ඇතුලු කරයි. 

Photograph by Sulakkhana Chamara - Chalybion bengalense මකුලුවා තුලට බිත්තර දමා කැදැල්ලට දැමීමට පෙර

බිත්තර දමා සංරක්ෂණය කරනු ලබන මකුලුවන්ගේ සිරුරු කීටයන් පිටතට පැමිණ ආහාරයට ගන්නා තෙක් කැදලි තුල ආරක්ශා වේ. මකුලුවන් කිහිප දෙනෙකු සහිත කැදැල්ලේ විවරය ගැහැණු සතුන්ගේ ඛේඨය සහ මඩ එක්කර සාදාගන්නා මිශ්‍රණයක් මගින් වසා දමනු ලැබේ. 

Photograph by Sulakkhana Chamara - Chalybion bengalense ගේ කැදැල්ල තුල බිත්තර දැමූ මකුලුවන් ගොඩ ගසා ඇති ආකාරය


ගොහොරු බඹරන් අතුරින් වඩා සුවිසල්ව පැතිරුන විශේෂය වශයෙන් Chalybion bengalense හැදින්විය හැක. අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරය, සීනයි අර්ධ ද්වීපය, ඕමානය සහ ඉරාකය, නැගෙනහිර දෙස ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, ජපානය, ඉන්දුනීසියාව, පිලිපීනය හරහා නිව් ගිනියාව සහ ඕස්ට්‍රේලියාව තෙක් වාර්තා වී ඇත. 

 තව පින්තූර බලන්න මෙතැනින්..

Photograph by Sulakkhana Chamara - Chalybion bengalense බිත්තර දමා අවසන් කල පසු වසා දමා ඇති කැදැල්ලක්