Boulenger's keelback
විද්‍යාත්මක නම : Fowlea asperrimus
වෙනත් නම් : Boulenger's keelback / Sri Lankan keelback
ලංකාවට ආවේණික වූ සත්ත්ව විශේෂයකි. තෙත් හා වියළි කලාපය යන දෙකෙහිම දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර 1000ක් තරම් වූ ස්ථාන වල කුඩා පොකුණු, කුඹුරු අසල දිය කඩිති ආදියේ දැකිය හැකිය.
 |
Photograph by Chamara Sulakkhana |
සිලින්ඩරාකාර ශරීරය කෙටිය. හිස සහ ගෙල වෙන්ව දැකිය හැකිය. ඇස් කලු පැහැතිය ගෝලාකාරය. ඉහලින් විවෘත වූ නාස් කුහර දෙකකි. දිගටි වලිග කොටසකි. ඔලිව් පැහැයට හුරු දුඹුරු පැහැතිය. ශරීරයේ උඩ පැත්තේ කලු පැහැති විශාල පැල්ලම් හෝ බෙදීම් දැකිය හැක. එ්වා ශරීරයේ 20 සිට 32දක්වා ප්‍රමාණයක් දැකිය හැක. ඇස පිටුපස ඇති කලු පැහැ රේණා දෙකකි. ශරීරය යටි පැත්ත සුදු පැහැතිය. උපතේදී සෙන්ටිමීටර 10ක් පමණ වන මොවුන් වැඩුනු පසු සෙට්ටිමීටර 40ත් 70ත් අතර ප්‍රමාණයේ වේ. සාමාන්‍යයෙන් ගැහැණු සතුන් ප්‍රමාණයෙන් විශාල වේ.
 |
Photograph by Chamara Sulakkhana |
 |
Photograph by Chamara Sulakkhana |
 |
Photograph by Chamara Sulakkhana |
 |
Photograph by Chamara Sulakkhana |
විශ රහිත සර්පයෙකු ලෙස හඳුන්වා දුන්නද කෝපාවිශ්ඨ සතෙකුගේ සපාකෑම නිසා ඇතිවන තුවාල පහසුවෙන් සුව නොවේ. දින 55-67 දක්වා වූ ගර්භණී කාලයක් වේ. බිත්තර දැමූ පසු එය රැකීමක් සිදු නොකලද සාමාන්‍යයෙන් බිත්තර දැමූ ස්ථානය අසල ගැවසේ. වරකට බිත්තර 4 - 30ක් පමණ සැප්තැම්බර් - ඔක්තෝම්බර් කාලය තුලදී දමයි.
 |
Photograph by Chamara Sulakkhana |
 |
Photograph by Chamara Sulakkhana | |