Tuesday 7 February 2023

මල් රදනකයා Flowery Wolf Snake

Flowery Wolf Snake
 
විද්‍යාත්මක නාමය : Lycodon anamallensis
 
වෙනත් නම් : Colombo Wolf Snake කුණු මී කරවලා
 
පැහැදිලිව ගෙලෙන් වෙන් වී පෙනෙන හිස පැතලි ස්වභාවයක් ගන්නා අතර පෙයාස් ගෙඩියක හැඩයක් ගනී. කලබල වූ විට හිස තවත් පැතලි කරගන්නා හේතුවෙන් එවන් අවස්තාවක වඩා ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. උඩු තොල් සෑම විටම සුදු හෝ ක්‍රීම්/කහ පැහැතිය. දුඹුරු පැහැති පුල්ලි මෙම සුදු පැහැති උඩුතොල් කොරල වල දැකිය හැකිය. නිසාචරය. අළු රදනකයා මෙන්ම රළු සිරස් පෘෂ්ඨ දිගේ ඉහලට ගමන් කිරීමට සුවිශේෂ හැකියාවක් ඇත. දහවල් කාලයේදී කුඩා බිත්ති කුහර, දිරා යන ලී කොටන් , නිවාස තුල ඇති මල් පෝච්චි, ලී මඩු වැනි ස්ථාන වල දවස ගත කරන නමුත් සැන්දෑ හා රාත්‍රී කාලයේදී වඩා ක්‍රියාකාරී වේ. ඉතා පරීක්ෂාකාරී සර්ප විශේෂයක් වන මොවුන් අනතුරක් දැනුන විගස දඟරයක් ගැසී ආරක්ෂක ඉරියව්වකට ශරීරය සකසා ගනී. ඇතැම් අවස්තාවල ශරීරය දරනයක් ගසා හිස ඒ තුල සඟවා ගනී. නිදහස් අතින් අල්ලාගත්විට සපා කෑමට පෙළබේ.
මල් රදනකයින් අණ්ඩජතාව මගින් ප්‍රජනනය සිදු කරයි. උපතේදී පැටවෙක් 14cm තරම් දිග වන අතර 50cm දක්වා වර්ධනය වේ. ප්‍රධාන වශයෙන් භෞමික සර්පයෙකි. දිවයින පුරා මුහුදු මට්ටමේ සිට 350m පමණ වන්නට වෙරළාසන්නව හා වියළි කලාපයේ බහුලව ව්‍යාප්තියක් දක්වයි.
 
ප්‍රදාන ආහාරය ලෙස හූනන් හා සිකනලුන් වැනි කුඩා උරගයින් ගොදුරු කරගනු දැකිය හැක. මොවුන්ට ඇති ප්‍රධානම තර්ජනය වන්නේ මිනිසා සහ සුරතල් සතුන් ලෙස ඇතිකරන සත්වයන්ය. සුදු පැහැති වෛරම් නිසා උග්‍ර විෂ කරවැලෙක් ලෙස වැරදි අවබෝධය නිසා මරා දමයි.






 

අළු රදනකයා Common Wolf Snake

Common Wolf Snake

විද්‍යාත්මක නාමය : Lycodon aulicus
 
ශ්‍රී ලංකාවේ හමුවන රදනක විශේෂ අතරින් වැඩිම ව්‍යාප්තියක් ඇති රදනකයන් අලු රදනකයන්ය. උග්‍ර විෂ කරවලුන්ගේ වර්ණ රටා අනුතරණය කරන නිසාවෙන් නිර්විෂ මොවුන් බොහෝ විට මරණයට පත් කරන ආකාරයවක් දැකිය හැකිය. නමුත් මොවුන්ගේ ඇති අනන්‍ය දේහ ලක්‍ෂණ කීපයක් මගින් කරවලුන්ගෙන් වෙන් කර ගත හැකිය.
පැහැදිලිව වෙන් කල හැකි හිසක් රදනකයන්ට පවතින් නමුත් කරවලුන්ගේ හිස ගෙල වෙන් කර හඳුනාගැනීම අපහසුය. කරවලුන් සතු පෘෂ්ඨීය කශ්රුක කොරළ ෂඩස්‍රාකාර වන නමුත් රදනකයන්ගේ එසේ වෙනස් කොරළ දැකිය නොහැක. අළු රදනකයන්ගේ පෞච්ච උදරීය කොරළ / subcaudal scales බෙදුනු ස්වභාවයක් ගන්නා අතර කරවැලුන්ගේ නොබෙදුණු පෞච්ච උදරීය කොරළ වින්‍යාසයක් දැකගත හැකි වේ. රදනකයන්ගේ දේහයේ හැඩය කරවැලුන්ගේ තරම් දිගු නොවන අතරම සිලින්ඩරාකාර දේහය උදරීයව තරමක් පළල් වී  දේහයේ අපර කොටසට යන විටදී ක්‍රමයෙන් සිහින්ව යන නමුත් කරවැලුන්ගේ දේහය හිසේ සිට දේහයේ අපර කොටස දක්වාම ඒකාකාරී සිලින්ඩරාකාර බවකින් යුක්ත වී වල්ගය කොටසේදී පමණක් තරමක් සිහින් ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.
 
කරවැලුන්ගේ පොදු වර්ණය කළු , නිල් මිශ්ර කළු වගේ වෙනවා. පැටව් අවධියේ කළු පැහැයට හුරු අළු රදනකයන් සිටියත් ඉහත සඳහන් කොරළ ස්වභාවය වගේම සුදු හරස් පටි ස්වභාවය අනුව කරවැලුන්ගෙන් වෙන් කරගන්න පුළුවන්. අළු රදනකයන්ගේ හරස් පටි කොන්ද ප්රදේශයෙන් දෙපසදී (පාර්ශවික පෙදෙස) බෙදීමකට ලක් වෙනවා. සරළව සිතුවොත් පාර්ශවිකව අනිත්පැත්ත හැරවූ Y අකුරක හැඩයක් සේ පේනවා.
 
ලංකාව පුරා විවිධ වර්ණ ප්‍රශේද හමුවී ඇත. නිර්විෂ වුවද රදනකයන්ගේ රදනක දත් වල විශාලත්වය හේතුවෙන් සපා කෑම් වලට ලක්විය හැකිය. භෞමික සත්වයන් වුවද ගස් නැගීමේ හිකිවක් ද කපරාරු නොකල බිත්ති දිගේ ගමන් කිරීමද සිදු කල හැකිය. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ප්‍රධාන ආහාරය ලෙස හූනන් දැක්විය හැක. මීට අමතරව කටුස්සන් කුඩා මීයන් වැනි සතුන්ද ආහාර ලෙස ගනී. වෙනත් කුඩා සර්ප විශේෂද ආහාර වශයෙන් ගන්නා අවස්ථා ද වාර්තා වී ඇත.
 
මොවුන්ගේ ගැහැණු සතුන් වරකට බිත්තර 3 – 11 ක් පමණ දමන බව වාර්තා වේ. මොවුන් බියට පත්වූ අවස්ථා වලදී වේගවත්ව පලා යාමට උත්සාහ කලද එසේ නොහැකි අවස්ථා වලදී ගුලිවී හිස සඟවාගැනීමට උත්සාහ දරයි. 

Monday 18 October 2021

Celler Spiders

Pholcidae Family

හැම කෙනෙක්ගෙම ගෙදර ඉන්න අඬු දිග ඇගෙන් ඉතා කුඩා මකුලුවෙක් තමා මේ Celler Spider කියන මකුලු කාණ්ඩය. මෙයාල ගැන මම ලියන්න හේතුව තමයි මේ අයගෙන් නිවසකට වෙන සේවය. 

සාමාන්‍ය Celler මකුලුවෙක්
 
වැඩුණු පිරිමි සතෙක්
වැඩුණ සතෙක් ශරීර දිග ප්‍රමාණයෙන් මිලි මීටර තුනක ප්‍රමාණයේ සිට මිලි මීටර 7-8 ප්‍රමාණය දක්වාවූ විශේෂ මේ අතරේ ඉන්නවා. පාද සමඟ මුලු ශරීර දිග ප්‍රමාණය සැළකුවොත් ශරීර ප්‍රමාණය වගේ හය ගුණයක තරම් විශාලත්වයක් තිබෙනවා. හිස වගේ තුන් ගුණයක පමණ විශාලත්වයක් තියෙන උදරය කොටසක් තිබෙනවා. මකුලුවන්ට තිබෙන්නේ පැහැදිලිව වෙන් කල හැකි ශරීර කොටස් දෙකයි. ඒ ශීර්ෂ උරස (Thorax) සහ උදරය කියන කොටස් දෙක. නිවෙස් තුල අලු පැහැයෙන් කහ පැහැයට හුරු විශෙෂ සිටින අර නිවසින් පිටත කොළ පැහැ විශේෂද සිටිනවා.

කොළ පැහැති විශේෂයක්
 

මෙම විශේෂ අක්‍රමවත් දැල් වියන්නන් වන අතර අඳුරු අපිරිසිදු නිශ්ශබ්ද ස්ථානයක් දැල වියන්නට තෝරා ගන්නවා. සාමාන්‍යයෙන් වැඩි ආර්ද්‍රතාවක් ඇති ස්ථාන වල දකින්න පුලුවන්. 

දැල තුල සෙලවීමකින් තොරව බලා සිටින අතර තමාට අනතුරුක් සිදු වීමේ ඉඩ ඇති අවස්ථාවකදී පාද ආධාරයෙන් සම්පූර්ණ දැල පැද්දීම සිදු කරනවා. මේ මගින් විලෝපිකයාගෙන් හෝ අනතුරින් තමාට ඇති අවධානය බිදීම සිදු කර වෙනත් ස්ථානයකට වේගයෙන් පලායාම සිදු කරනවා. ගොදුරු දැල මත සිර වූ  පසු එම ගොදුරේ ප්‍රමාණය කුඩා නම් වහා පැමිණ විෂ එන්නත් කොට සම්පූර්ණ ගොදුර දැල් මගින් ඔතනු ලැබේ. ගොදුරේ ප්‍රමාණය විශාල නම් සහ හරි හැටි තම දැලේ පැලී නැති අවස්ථා වලදී පෙර මෙන්ම සම්පූර්ණ දැල පැද්දීමකට ලක්කර ගොදුර සිර කර ගැනීමට උත්සාහ දරනවා. පසුව ගොදුරට විශ එන්නත් කොට ඉක්මනින් ඔතනු ලබනවා.  

වෙනත් මකුලුවෙකුට ගොදුරු වූ Celler මකුතුවෙක්

වැඩුණු පිරිමි සතෙක් සංසර්ගයට සූදානම්ව

වැඩුණු පිරිමි සතෙක් සංසර්ගයට සූදානම්ව

ගොදුර ක්‍රමාණුකූලව එතීමෙන් පසු එය ආහාරයට ගන්නා අතර මකුලුවන්ගේ උදරය ඉතා තුනී බැවින් ගොදුර විෂ මගින් දියකර උරා බීම සිදු කරයි.  මොවුන් ආහාර වශයෙන් කුඩා කෘමීන්, කුහුඹුවන්, මැස්සන් වැනි සතුන් ගොදුරු කර ගනී. කලාතුරකින් වෙනත් මකුලු විශේෂ ආහාරයට ගන්නා අවස්ථා ද තිබේ.

වෙනත් මකුලුවෙක් ගොදුරු කරගත් අවස්ථාවක්

බිත්තරයේ සිට වැඩිහිටි සතෙකු බවත් පත්වීම සදහා වසරක පමණ කාලයක් ගත කරයි. වැඩිහිටියෙකු වශයෙන් සාමාන්‍යයෙන් වසර දෙකක් පමණ ගත කරයි. එක් ජීවිතක කාලයක් තුල ගැහැණු සතෙකු තෙවරක් පමණ බිත්තර දමන අතර වරකදී බිත්තර 13-60 ක් දක්වා දමයි. මොවුන් බිත්තර පුපුරා පැටවුන් එලියට එනතුරු එම බිත්තර පැසක් තුල හොබවා මුඛ උපාංග භාවිතා කර ඔසවාගෙන සිටී.  බිත්තර පුපුරා එලියට එන පැටවුන් දින කීපයක් මවගේ දැල තුල සිටින අතර පළමු හැව ඇරීම සිදු කර මවගෙන් ඉවත්ව තමා සදහා සුදුසු ස්ථානයක් සොයා පිටව යයි. 

පැස තුල බිත්තර

පැස තුල බිත්තර

පැස තුල බිත්තර පුපුරා යාමට ආසන්න කාලයේ

මොවුන්ගේ විෂ මිනිසාට කිසිදු හානියක් නොමැති අතර අරක්නොෆෝබියා යන මානසික තත්ත්වය ඇති පුද්ගලයන් බියට පත් කරයි. ඔවුන් සිටින ස්ථානයක කිසිදු හානියන් සිදු නොවන අතර එම ස්ථාන වල ඇති කුඩා සතුන් (මදුරුවන් වැනි) ආහාරයට ගන්නා නිසා වාසියක් සිදුවේ.

පුපුරා යාමට ආසන්න බිත්තර පැස

බිත්ත්ර පැස පුපුරා යන අතරතුර

වරක් වියන ලද Celler Spider දැලක් ගොදුරු වලින් පිරී අපිරිසිදු වූ විට ඔවුන් එම දැල එකතු කර දැල රඳවා ඇති බිත්තියක හෝ ගසේ තැනක රඳවා අලුතින් දැලක් විවීම සිදු කරයි. කාලයක් මෙම සතුන් සිටි බව හැඟවීම හෝ මොවුන් සිටින බව දැන ගැනීම සදහා මෙලෙස ඉතිරි කර ඇති දැල් ගුලි භාවිතා කල හැකිය.

කෙලවරක එකතු කර ඇති පැරණි දැල් ගුලියක් සහ ගොදුරු සහ හැව නිසා අපවිත්‍ර වූ  දැලක්

බිත්තිය කෙලවරක එකතු කර ඇති පැරණි දැල් ගුලියක්

Saturday 13 March 2021

Harvestmen or Daddy Long Legs

මොවුන් මකුලුවන්, මයිටාවන් සහ ගෝණුස්සන් අයත් වන Arachnida පවුලට අයත්වේ. අනෙක් Arachnida සාමාජිකයන්ට මෙන්ම මොවුන්ට ද පාදු යුගල හතරක් මෘශ පදාංශ (pedipalps) හා සදංශ ශෘංග (chelicerae) තිබේ. ඇන්ටෙනා නොමැත. කකුල් ඉතා දිගු වන අතර විශේෂ කීපයක් පමණක් මයිටාවන්ට මෙන් කෙටි කකුල් පිහිටයි. බොහෝ විට මකුලුවන් යැයි වරදවා වටහා ගන්නා නමුත් මකුලුවන්ට මෙන් පැහැදිලිව වෙන් වූ උරස සහ උදරය මොවුන්ගේ ශරීරයේ දක්නට ලැබෙන්නේ නැත. තවද මකුලුවන්ට පිහිටන්නා වූ විෂ ග්‍රන්ථි ද මොවුන්ට පිහිටා නැත.

වසරක පමණ ජීවිත කාලයකට හිමිකම් කියන මොවුන්ගේ ගැහැණු සතුන් තෙත පසෙහි බිත්තර දමනු ලැබේ. බිත්තර වලින් පිටතට පැමිණෙන කුඩා සතුන් විශාල වෙත්ම හැව ඇරීම සිදු කරයි. මෙය රූපාන්තරණය නම් වේ. තෙත සෙවන සහිත පරිසරයක් තුළ ජීවත් වේ. මැරුණු ශාක කොටස් හෝ සතුන් සිටින ස්ථාන වල සිටින මොවුන් කුඩා කෘමි සතුන් එනතුරු සැගව සිට ගොදුරු අල්ලා ගැනීම සිදු කරයි.

මොවුන් සතුව විෂ ග්‍රන්ථි නොමැති නමුත් සමහර විශේෂ වල ශරීරය දෙපස ඇති කුඩා ග්‍රන්ථි තුළ රස සහ සුවදින් අප්‍රිය වන්නා වූ ස්‍රාවයක් පවතී. එය විලෝපිකයන්ගෙන් ආරක්‍ෂා වීමට උපකාරී වේ. විශාල මකුලුවන්, කුරුල්ලන් හා Assassin Bug වැනි විලෝපික කෘමීන් මොවුන්ව ආහාරයට ගනී.

Thursday 1 October 2020

පෙරදිග නිල් මඩ ගොහොරු බඹරා Oriental blue mud dauber wasp

විද්‍යාත්මක නාමය : Chalybion bengalense

ප්‍රමාණයෙන් අගලක් පමණ දිග ශරීරයක් ඇත. ගැහැණු සතුන් හා පිරිමි සතුන් ප්‍රමාණයෙන් සමාන වේ. ආක්‍රමණශීලීතාවයක් නොපෙන්වන මොවුන්ගේ දෂ්ඨනයන් ඉතා දුලභය.

Photograph by Sulakkhana Chamara - Chalybion bengalense කැදැල්ලට යන අයුරු

මල් පැණි ආහාරයට ගනිමින් ජීවත් වේ. නමුත් ඔවුන්ගේ කූඩු තුල පැණි එකරැස් නොකරයි. අනෙක් බඹර විශේෂ මෙන්ම විලෝපිකයන් වන මොවුන් බිත්තර දැමීම සදහා ධාරකයා වශයෙන් මකුලුවන් තෝරා ගනී. ගැහැණු සතුන් මකුලුවෙකු අල්වාගෙන ඔවුන්ගේ උදරය තුලට මල එන්නත් කරයි. මල තුල ඇති විෂ නිසා මකුලුවා අංශභාග තත්ත්වයට පත්වේ. පසුව එම මකුලුවන් ඔසවාගෙන කූඩුව සදහා තෝරාගත් සිදුර තුල ගබඩා කරනු ලැබේ. ගබඩා කිරීමට ප්‍රථම මකුලු උදරය තුලට බිත්තරයක් ඇතුලු කරයි. 

Photograph by Sulakkhana Chamara - Chalybion bengalense මකුලුවා තුලට බිත්තර දමා කැදැල්ලට දැමීමට පෙර

බිත්තර දමා සංරක්ෂණය කරනු ලබන මකුලුවන්ගේ සිරුරු කීටයන් පිටතට පැමිණ ආහාරයට ගන්නා තෙක් කැදලි තුල ආරක්ශා වේ. මකුලුවන් කිහිප දෙනෙකු සහිත කැදැල්ලේ විවරය ගැහැණු සතුන්ගේ ඛේඨය සහ මඩ එක්කර සාදාගන්නා මිශ්‍රණයක් මගින් වසා දමනු ලැබේ. 

Photograph by Sulakkhana Chamara - Chalybion bengalense ගේ කැදැල්ල තුල බිත්තර දැමූ මකුලුවන් ගොඩ ගසා ඇති ආකාරය


ගොහොරු බඹරන් අතුරින් වඩා සුවිසල්ව පැතිරුන විශේෂය වශයෙන් Chalybion bengalense හැදින්විය හැක. අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරය, සීනයි අර්ධ ද්වීපය, ඕමානය සහ ඉරාකය, නැගෙනහිර දෙස ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, ජපානය, ඉන්දුනීසියාව, පිලිපීනය හරහා නිව් ගිනියාව සහ ඕස්ට්‍රේලියාව තෙක් වාර්තා වී ඇත. 

 තව පින්තූර බලන්න මෙතැනින්..

Photograph by Sulakkhana Chamara - Chalybion bengalense බිත්තර දමා අවසන් කල පසු වසා දමා ඇති කැදැල්ලක්

Sunday 21 June 2020

දිමියා වැනි මකුලුවා Kerengga ant-like jumper

විද්‍යාතමක නාමය : Myrmaplata plataleoides

Red Ant Mimic Spider යන නාමයද භාවිතා වේ. Kerengga යනු මැලේ භාෂාවෙන් කුහුඹුවා වේ
 
ප්රමාණයෙන් ගැහැණු සතෙකු 6-7mm පමණ වන අතර පිරිමි සතෙකු 9-12 mm පමණ වේ. මොවුන් දිමියන් (Oecophylla smaragdina) අනුකරණය කරයි. කුහුඹුවන්ට මෙන් ශරීරය හිස, උරස උදරය ලෙස කොටස් තුනක් නොමැති බැවින් තම කද කොටස ඉණක් වශයෙන් කොටසක් වෙන් වී තිබේ. කුහුඹුවන්ට පාද 6ක් ඇති අතර මකුලුවන්ට පාද 8ක් ඇත. ප්රධාන ඇස් යුගලයක් සමග ඇස් 8කින් සමන්විත වේ.
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - පිරිමි සතෙකු මදුරුවෙකු දඩයම් කරගෙන
ගැහැණු සතුන් දිමියන්ට බොහෝ සමාන වන අතර පිරිමි සතුන්නේ ඉදිරි හනු එක් කර ගත් විට විශාල දිමියෙකු කුඩා දිමියෙකු ඔසවාගෙන යන ආකාරයක් දිස්වේ. සාමාන්යයෙන් මෙම හනු හකුලා සිටින අතර ආහාරයක් හමුවූ විට දිග හරී. මෙම හනු දිගහරිමින් ‍‍ගොදුර ඩැහැ ගැනීම සිදු කරනු ලබන අතර මුඛය වෙත යොමු කිරීමටද මෙම හනු උපයෝගී කර ගනී.
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - ගැහැණු සතෙක් දඩයමක අවසානය රස විදිමින්
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - ගැහැණු සතෙක් දඩයමක අවසානය රස විදිමින්
පිණුම් මකුලුවන් වර්ගයක් වන මොවුන් ශාක පත්ර මත කුඩා දැල් වලින් සැකසූ පැසක් තුල ජීවත් වේ. ආහාරයක් දුටු විට තම කූඩුවෙන් ක්ෂණිකව සැගව සිට පහරදී ගොදුර අල්ලා ගන්නා අතර තමාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ විට පමණක් පැනීම සිදු කරයි.
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - පිරිමි සතෙකු මදුරුවෙකු දඩයම් කරගෙන
මොවුන්‍‍ගේ අනුවර්තනය දිමියන් අතර සිටිමින් තමාගේ ආරක්ෂාව සපයා ගැනීම සදහා වේ. විලෝපිකයන් දිමියන්‍‍ගේ ඇති ඇඹුල් රස නිසා ආහාරයට ගැනීමට අකමැත්තක් දක්වන අතර මොවුන් දිමියන්ට සමාන නිසා මොවුන්ටද එයින් ආරක්ෂාව සැපයේ. තවද මොවුන් දිමියන්ගේ කොලනි වලින් පැටවුන සොරකම් කිරීමද සිදු කරයි.

Saturday 20 June 2020

කඩදාසි බඹරා - Paper Wasp

විද්‍යාත්මක නාමය : Ropalidia marginata
කලංසූරියන් එහෙමත් නැතිනම් කලාන්දුරුවා යන  ප්‍රාදේශීය නාමයන්ගෙන් හැදින්වෙන මෙම බඹර විශේෂය අයිති වෙන්නේ Vespidae කියන කාණ්ඩයට. අදුරු රතු පැහැයට හුරු ශරීරයක් දරයි. සමහර සන්ධි වල කහපැයැයක් දරයි. බදේ පහල කොටසේ කහ පැහැති වර්ණ මුදුවක් ඇත. ගැහැණු කම්කරුවන් රැජිනට වඩා වෙනස් වන්නේ කාර්යයන්ගෙන් පමණි. ගැහැණු සතුන් වයස් ගත වන විට ඩිම්භ වර්ධනය වීම මත රැජිනක් වීමේ හැකියාව ඇතිවේ. රැජිනක් වීම තීරණය වනුයේ සිටින රැජින මිය ගිය පසුය. එවිට රැජින වීමේ සුදුසුකම ඇත්තා වඩා කේන්තිකාරයෙකු බවට පතවේ. මෙම සිදුවීම නිසා ඔවුන් තුල රැජින වීමේ වර්ධනය වීම් සිදුවේ. 
Photograph by Sulakkhana Chamara
රැජින ෆෙරමෝන භාවිතා කරමින් ගැහැණු සතුන් එනම් වැඩකාර බඹරුන්ට තම කාර්යයන් කරන ලෙස පෙළඹවීම සිදු කරනු ලැබේ. එවිට ඔවුන් පැමිණ තම කොලනිය සෑදීමේකාර්යය කරනු ලබන අතර රජින බිත්තර දැමීම ආරම්භ කරයි. මෙය කිසිදු බල කිරීමකින් තොරව රසායණිකව සිදු වන ක්‍රියාවලියකි. පිරිමි සතුන් සංසර්ගයෙන් පසු වෙනත් කොලනි වලට පියාඹ යන අතර ඔවුන් කොලනිය අසල සිටින විට කොලනියේ සිටින පිළවුන් ආහාරයට ගන්නා අවස්ථා නිරීක්‍ෂණය වී තිබේ. 
Photograph by Sulakkhana Chamara
Photograph by Sulakkhana Chamara
ශාක සෙලියුලෝස් හා බඹරාගේ ඛේඨය යොදා ගනිමින් සාදනු ලබන පල්පයක් භාවිතා කරන මොවුන් තම කොලනිය නිර්මාණය කරනු ලබයි. කුටීර 10ක සිට 500ක් දක්වා වූ කොලනි නිර්මාණය කරන අතර මෙම නිර්ඹානය නිසා සීත කාලයේදී පවා පිළවුන්ට උෂ්ණත්වය පවත්වා ගැනීමේ හැකියාව ලැබේ. එමෙන්ම ජලයට ඔරොත්තු දෙන හැකියාවක්  ද පවතිනවා. ෂඩස්‍රාකාර මෙම නිවහන බොහෝ විට පහලට එල්ලෙන ආකාරයෙන් සාදන අතර එහි හැඩය නිසා වඩා ශක්තියක් එය සතුව පවතී. 

මගේ ඡායාරූප තියෙන Facebook පිටුවටත් Like එකක් දාන්න