විද්‍යාතමක නාමය : Myrmaplata plataleoides
Red Ant Mimic Spider යන නාමයද භාවිතා වේ. Kerengga යනු මැලේ භාෂාවෙන් කුහුඹුවා වේ
ප්රමාණයෙන් ගැහැණු සතෙකු 6-7mm පමණ වන අතර පිරිමි සතෙකු 9-12 mm පමණ වේ. මොවුන් දිමියන් (Oecophylla smaragdina) අනුකරණය කරයි. කුහුඹුවන්ට මෙන් ශරීරය හිස, උරස උදරය ලෙස කොටස් තුනක් නොමැති බැවින් තම කද කොටස ඉණක් වශයෙන් කොටසක් වෙන් වී තිබේ. කුහුඹුවන්ට පාද 6ක් ඇති අතර මකුලුවන්ට පාද 8ක් ඇත. ප්රධාන ඇස් යුගලයක් සමග ඇස් 8කින් සමන්විත වේ.
![]() |
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - පිරිමි සතෙකු මදුරුවෙකු දඩයම් කරගෙන |
ගැහැණු සතුන් දිමියන්ට බොහෝ සමාන වන අතර පිරිමි සතුන්නේ ඉදිරි හනු එක් කර ගත් විට විශාල දිමියෙකු කුඩා දිමියෙකු ඔසවාගෙන යන ආකාරයක් දිස්වේ. සාමාන්යයෙන් මෙම හනු හකුලා සිටින අතර ආහාරයක් හමුවූ විට දිග හරී. මෙම හනු දිගහරිමින් ගොදුර ඩැහැ ගැනීම සිදු කරනු ලබන අතර මුඛය වෙත යොමු කිරීමටද මෙම හනු උපයෝගී කර ගනී.
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - ගැහැණු සතෙක් දඩයමක අවසානය රස විදිමින් |
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - ගැහැණු සතෙක් දඩයමක අවසානය රස විදිමින් |
පිණුම් මකුලුවන් වර්ගයක් වන මොවුන් ශාක පත්ර මත කුඩා දැල් වලින් සැකසූ පැසක් තුල ජීවත් වේ. ආහාරයක් දුටු විට තම කූඩුවෙන් ක්ෂණිකව සැගව සිට පහරදී ගොදුර අල්ලා ගන්නා අතර තමාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ විට පමණක් පැනීම සිදු කරයි.
මොවුන්‍ගේ අනුවර්තනය දිමියන් අතර සිටිමින් තමාගේ ආරක්ෂාව සපයා ගැනීම සදහා වේ. විලෝපිකයන් දිමියන්‍ගේ ඇති ඇඹුල් රස නිසා ආහාරයට ගැනීමට අකමැත්තක් දක්වන අතර මොවුන් දිමියන්ට සමාන නිසා මොවුන්ටද එයින් ආරක්ෂාව සැපයේ. තවද මොවුන් දිමියන්ගේ කොලනි වලින් පැටවුන සොරකම් කිරීමද සිදු කරයි.