Saturday 13 March 2021

Harvestmen or Daddy Long Legs

මොවුන් මකුලුවන්, මයිටාවන් සහ ගෝණුස්සන් අයත් වන Arachnida පවුලට අයත්වේ. අනෙක් Arachnida සාමාජිකයන්ට මෙන්ම මොවුන්ට ද පාදු යුගල හතරක් මෘශ පදාංශ (pedipalps) හා සදංශ ශෘංග (chelicerae) තිබේ. ඇන්ටෙනා නොමැත. කකුල් ඉතා දිගු වන අතර විශේෂ කීපයක් පමණක් මයිටාවන්ට මෙන් කෙටි කකුල් පිහිටයි. බොහෝ විට මකුලුවන් යැයි වරදවා වටහා ගන්නා නමුත් මකුලුවන්ට මෙන් පැහැදිලිව වෙන් වූ උරස සහ උදරය මොවුන්ගේ ශරීරයේ දක්නට ලැබෙන්නේ නැත. තවද මකුලුවන්ට පිහිටන්නා වූ විෂ ග්‍රන්ථි ද මොවුන්ට පිහිටා නැත.

වසරක පමණ ජීවිත කාලයකට හිමිකම් කියන මොවුන්ගේ ගැහැණු සතුන් තෙත පසෙහි බිත්තර දමනු ලැබේ. බිත්තර වලින් පිටතට පැමිණෙන කුඩා සතුන් විශාල වෙත්ම හැව ඇරීම සිදු කරයි. මෙය රූපාන්තරණය නම් වේ. තෙත සෙවන සහිත පරිසරයක් තුළ ජීවත් වේ. මැරුණු ශාක කොටස් හෝ සතුන් සිටින ස්ථාන වල සිටින මොවුන් කුඩා කෘමි සතුන් එනතුරු සැගව සිට ගොදුරු අල්ලා ගැනීම සිදු කරයි.

මොවුන් සතුව විෂ ග්‍රන්ථි නොමැති නමුත් සමහර විශේෂ වල ශරීරය දෙපස ඇති කුඩා ග්‍රන්ථි තුළ රස සහ සුවදින් අප්‍රිය වන්නා වූ ස්‍රාවයක් පවතී. එය විලෝපිකයන්ගෙන් ආරක්‍ෂා වීමට උපකාරී වේ. විශාල මකුලුවන්, කුරුල්ලන් හා Assassin Bug වැනි විලෝපික කෘමීන් මොවුන්ව ආහාරයට ගනී.

2 comments: