Sunday 31 January 2016

කළු කොපුල් කටුස්සා Black-lipped Lizard

Black-lipped Lizard

විද්‍යාත්මක නම : Calotes nigrilabris

වෙනත් නම් : Black Cheek Lizard, කට කළු කටුස්සා

කඳුකර විශේෂයක් වන මෙම කටුස්සා ලංකාවට ආවේණික විශේෂයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1000කට ඉහලදී දැකිය හැකිය. ‍බොහෝ විට පඳරු මත, අතු ඉති මත හෝ වැටවල් මත කුඩා කෘමීන් හා පණුවන් දඩයම් කරමින් සිටිනු දැකිය හැක. බොහෝ විට හේවා හැට, හක්ගල, නුවර එළිය වැනි ප්‍රදේශ වලද මධ්‍යම පලාතේ පට්ටිපොල, ඔහිය, හෝර්ටන් තැන්න හා ශ්‍රී පාද අඩෙවිය වැනි ප්‍රදේශ වලදී දැකිය හැකිය.
Photograph by Chamara Sulakkhana
කණ පිටුපසින් හා පිට දිගේ කණ්ඨක පෙලක් දැකිය හැක. වැඩිහිටි පිරිමි සතුන්ගේ ඉදිමුණු ස්වභාවයේ කම්මුල් දැකිය හැක. කණ්, කම්මුල් හා කට වටා කළු පැහැතිය. ඇස වටා කළු පැහැ රවුමක් දැකිය හැක අතර ශරීරය කොළ පැහැතිය. ශරීරය යට පැත්තට වඩා උඩ පැත්ත තද කොළ පැහැයෙන් දිස්වේ.
Photograph by Chamara Sulakkhana
දෙසැම්බර් මාසයේදී බිත්තර දමයි. ගැහැණු සතුන් පොළවේ ගුලක් හාරා වරකට බිත්තර දෙකක් දමයි. ඒවා ප්‍රමාණයෙන් 23 x 13 mm තරම්වේ. බිත්තර වලින් පිටතට එන පැටවුන් සාමාන්‍යයෙන් 30mm තරම්වේ.

2007 දී IUCN නාමකරණයේ අවධානමට ලක්වූ විශේෂයක් වශයෙන් නම් කර ඇත.
Photograph by Chamara Sulakkhana

No comments:

Post a Comment