Sunday 31 July 2016

දැතිගෝමරයා Black-headed Snake

Black-headed Snake

විද්‍යාත්මක නාමය : Sibynophis subpunctatus ceylonicus

වෙනත් නම් : Jerdon's Polyodent

ශ්‍රී ලංකාවට ආවේණික වන නිර්විශ සර්ප විශේෂයකි. මීටර 750ක් පමණ වන වියළි කලාපීය ප්‍රදේශ වල හා පහත් තෙත් බිම් වල හා මැදි තෙත් බිම් වල දැකිය හැකිය. නෑබොඩ, පානදුර, ගාල්ල, බෙල්ලන්විල, හොරණ, කොලඹ, පුත්තලම, සිංහරාජය, ගලතුර, ගල්ඔය, සේරුකැලේ, බෙන්තොට, දෙනියාය, කලුතර වැනි ප්‍රදේශ වල වාර්ථා වී ඇත.
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana
හිස ඉහල කලු පැහැති වන අතර යටි පැත්ත කහ පැහැතිවේ. ඉන්පසු කලු පැහැති මුදුවක් බෙල්ල වටා ඇති අතර ඉන්පසු සුදු පැහැයට හුරු කහ පැහැති මුදුවකි. ශරීරය ඉතිරිය ලා දුඹුරු පැහැතිය. දුඹුරු අලු පැහැයත් රතු මිශ්‍ර දුඹුපැහැයත් ඇති ශරීරයේ තද දුඹුරු පැහැති තිත් පේලි දැකිය හැකිවේ. යටිබඩ සුදු පැහැ වන අතර එය දෙපසද කලුපැහැ තිත් පෙල දැකිය හැකිය.
Photograph by Chamara Sulakkhana
වගාබිම් ආශිතව කුඩා ලඳුකැලෑවල දැකිය හැකිය. දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීදිත් ක්‍රියාශීලිය. පඳුරු යට හෝ ලිහිල් පස් යට සැඟව සිටී. 
Photograph by Chamara Sulakkhana
Photograph by Chamara Sulakkhana
වරකට බිත්තර 2-6 ත් අතර ප්‍රමාණයක් දමයි. 20cm සිට 35cm දක්වා වර්ධනයක් දක්වයි. කුඩා ගෙම්බන්, කුඩා සර්පයන්, කටුස්සන්, සිකනලුන් වැනි සතුන් ආහාරයට ගනී.
Photograph by Chamara Sulakkhana

4 comments:

  1. දැතිගෝමරය නම් මෙම සර්පයා අද දින මා විසින් හදිසි වැටලීමකින් පසුව අත් අඩංගුවට ගනු ලැබීය. මොහුගේ කලබල කාරී ක්‍රියාවන් හේතුවෙන් බඩ ප්‍රදෙශය සුලු තුවාල ලැබීය. අවසානයේ මොහු ජීවිතක්ෂයට පත්වූ අතර අවසන් කටයුතු කර දැමීය. නිර්මාල් 0727979076

    ReplyDelete
    Replies
    1. හපොයි අහිංසකය මරා දාල

      Delete