Thursday 13 October 2016

පතාක බඹරා Ensign Wasp

Ensign Wasp

විද්‍යාත්මක නම : Evonia appendigaster

වැඩිහිටි සතුන් සම්පූර්ණ වශයෙන් කලු පැහැතිය. පියාපත් යුගල දෙකකුත් පාද යුගල තුනකුත් ඇත. පියාපත් අඟල් 1/4 ක් 1/3ක් තරම් දිගුවේ. ඉහල පහල කල හැකි එනම් ධංයක් මෙන් සෙලවිය හැකි කලු පැහැති උදරය නිසා මේ නම ලැබී ඇත. ඇස් නිල් පැහැතිය.
Photograph by Chamara Sulakkhana
කැරපොත්තන්ගේ බිත්තර ආහාරයට ගන්නා නිසා මොවුන් විලෝපිකයන් ලෙස හැඳින්වුවද ඇත්ත වශයෙන්ම මොවුන් පරපෝෂිතයන්ය. එසේ වන්නේ මොවුන් කැරපොත්තන්ගේ බිත්තර කවච තුල තම ජීවන චක්‍රයේ අවධියක් ගත කරන නිසාවෙනි. ගැහැණු සතුන් කැරපොත්තාගේ බිත්තර කවචය තුල දමන අතර කීටයන් කැරපොත්තාගේ බිත්තරය තම ආහාරය ගර ගනී. සාමාන්‍යයෙන් එක් කැරපොතු බිත්තරයකට එක් බඹර බිත්තරයක් දමයි. 
Photograph by Chamara Sulakkhana
වැඩිහිටි බඹරන් මල් පැණි හා කූඩිත්තන් මත ඇති ශාක සාර ආහාරයට ගන්නා අතර සමහර වේලාවන් වලදී කුරපොත්තන්ගේ බිත්තර ආහාරය කරගනී. බොහෝ විට මේ අවස්ථාවේදී මිනිසුන් මොවුන් දරුනු සතුන් යැයි විනාශ කරන අයුරු දැකිය හැක. ඇත්තෙන්ම හොවුන් හානිකර නොවන ප්‍රයෝජනවත් සත්ත්ව විශේෂයක් ලෙස හැඳින්විය හැකිය.

2 comments: