Monday 26 January 2015

සිළු උකුසු රාජාලියා (Crested Hawk Eagle)

Crested Hawk Eagle
විද්‍යාත්මක නාමය : Nisaetus cirrhatus


මොවුන් වර්ග කීපයක්ම ඇති අතර සාමාන්‍යයෙන් දන්නා වර්ගයට 10-14cm පමණ දිගු සිළුවක් තිබේ. සාමාන්‍යයෙන් දුඹුරු පැහැ පියාපත් ඇති අතර පියාපත් අග කලු පැහැති තීරු 4-5ක් පමණ දැකිය හැක. පපුව හා යටි පැත්ත වයිරම් වැටුනු දුඹුරු පැහැතිය. පෙඳය යට පැත්ත කලවය හා වලලුකර ප්‍රදේශ තුනී සුදු පැහැයක් දැකිය හැක. පියාපත් 4ක් පමණ ඇති සිළුව කඩා වැටෙන සුලුය. නිකට හා බෙල්ල ප්‍රදේශ සුදු පැහැතිය. ඇස් කහ පැහැතිවේ. කකුල් වල පිහාටු පිරී ඇත. මොවුන්ගේ ශබ්දය ඉතා කර්කශ වන අතර සාමාන්‍යයෙන් බෝවන කාලයේදී වැඩියෙන් හඬ නගයි.
Photograph by Charith Ekanayake
පතනශීල, හරිත වනාන්තර, සවානා බිම්, තේවතු හෝ වගා බිම් වල දැකිය හැක. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 1-500ක් දක්වා පරාසයේ ජීවත්වේ. සමහර අවස්ථා වල මීටර 2200 පරාසයේද වාර්තාවේ. වසර පුරාම එකම වාස බූමියක යුගල් වශයෙන් සිටියද එක්ව දඩයමේ නොයයි. බෝවන කාලයේදී පැටවුන් තම දෙමාපියන්ගේ වාස භූමි වලින් ඉවත්ව යයි. දකුණු හා අග්නිදිග ආසියානු රටවල් වල ජීවත්වේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, අන්දමන් දූපත්, පිලිපීනය වැනි රටවල් වලද ඉන්දුනීසියන් දූපත්වන සුමාත්‍රාව, ජාවා වැනි ප්‍රදේශ වලද ජීවත්වේ.
Photograph bySajjitha Harsha Bandaranayake
කුකුලු පැටවුන්ගේ ප්‍රමාණයේ වූ කුරුල්ලන්, කුඩා ක්‍ෂීරපායින්, සර්පයන් හා කටුස්සන් ආහාරයට ගනී. උස් ගස් මුදුනක සිට ගොදුර දෙස බලාසිට පසුව පහත් ගසකට විත් වේගයෙන් ගොදුරවෙත පැමිණ ගොදුර ඩැහැ ගනී. අභිජනන කාලයේදී අහසේ රැඟුම් පාමින් හෝ පියාසරමින් කිරිල්ලියට ආමන්ත්‍රනය කරයි. දකුණු ඉන්දියාවේදී නොවැම්බර් - මැයි කාලයේදීත් ජනවාරි - පෙබරවාරි කාලයේ හිමාල කඳු ආශ්‍රිතවත් බෝවන කාලයන් ලෙස සැලකිය හැක. 95-105cm පමණ විශ්කම්භයෙන් හා 35-120cm කරම් ගැඹුරු කූඩුවක් තුරු මුදුනක කෝටු හා කොල එක්කර සාදයි. එහි එක් තිත් වැටුනු සුදුපැහැති බිත්තරයක් දමා දින 35-44ක් පමණ රකී. දින 65-70කින් පමණ පැටවුන්ගේ පිහාටු සෑදේ.
Photograph by Ranjan Attyagalle
Photograph by NayanHazra
Photograph by Kiran Salunke

Ceylon Hawk Eagle, Changeable Hawk Eagle, Crested Hawk Eagle, Marsh Hawk Eagle  යන නම් වලින්ද හැඳින්වෙන්නේ මෙම කුරුල්ලාමය.

No comments:

Post a Comment