Monday 2 February 2015

වන පොල්කිච්චා (White Rumped Shama)

White Rumped Shama
විද්‍යාත්මක නාමය : Copsychus malabaricus

කාක වර්ගයට අයත් මෙම කුරුල්ලා දකුණු ආසියාතික රටවල් වන ඉන්දියාව, නේපාලය, බුරුමය, ශ්‍රී ලංකාව, අන්දමන් දූපත්, මැලේසියාව, වියට්නාමය, චීනය, ඉන්දුනීසියාව හා තායිලන්තයේ ජීවත්වේ. පොලව මට්ටමට කිට්ටුවෙන් හෝ පහත් ගස් වල කූඩු තනන කුරුල්ලෙකි. ‍බොහෝවිට උණ පඳුරු අතර හෝ තේක්ක වතුවල දැකිය හැක.
Photograph by Chamara Sulakkhana
පෙඳය සමඟ දිග අඟල් 10-11 අතර වන අතර කුඩා කුරුල්ලාට දිගු ක්‍රමාණුකූලව වැඩුණු පිහාටු සහිත පෙඳයක් තිබේ. පිරිමි සතුන් දිලිසෙන කළු පැහැ වන අතර උදරය දුඹුරු පැහැතිය. පෙඳයේ බොහෝ කොටස් වල සුදු පැහැ පිහාටු තිබේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා කුඩා වන අතර උදරයේ වර්ණවත් දුඹුරු පැහැයක් දැකිය හැක. දෙදෙනාටම කලු පැහැ හොටයක් හා රෝස පැහැති කකුල් තිබේ.
Photograph by Liz Jones
වන පොල්කිච්චාගේ අපූර්වත්වයක් වන්නේ ඔවුනටම ආවේණික වූ මිහිරි නාදයයි. අනෙක මොවුන්ගේ පෙඳයේ ඇති විශේෂීත සුදු පැහැයයි. එම පිහාටු එක්වර එසවීම හා පහත දමන ආකාරයත් ඔවුනටම විශේෂිතයි. මොවුන්ගේ ආහාර ලෙස තණකොළ පෙත්තන්, කුඩා පණුවන්, කුඩා මසුන් ලබාගනී.
Photograph by Malith Wimalarathna
කිරිල්ලිය කෝටු කැබලි හා පර්ණාංග වලින් කූඩුව තනයි. වන පොල්කිච්චන්ගේ ප්‍රජනන අවධියේදී ආහාර සුලභ නම් දෙවතාවක් බිත්තර දමන අවස්ථා ඇත. වරකට බිත්තර 3-5ක් අතර ප්‍රමාණයක් දමයි. සාමාන්‍යයෙන් දිනකට බිත්තරය බැගින් දින කීපයක් බිත්තර දමයි. බිත්තර රැකීම කුරුල්ලා හා කිරිල්ලිය යන දෙදෙනා අතින්ම සිදුවේ. දින 12-15ක් අතර කා‍ලයේ බිත්තර පුපුරා පැටවුන් පැමිණේ. බිත්තර පුපුරද්දීද දිනක කාලයකට වරක් බිත්තර පුපුරන අතර එය සාමාන්‍යයෙන් උදය කාලයේ සිදුවේ. සුදුපැහැයේ සිට ඉතාමත් ලා නිල් පැහැයෙන් යුතු බිත්තර පුරා අක්‍රමවත් දුඹුරු පැහැ ලප විසිර තිබේ.

බිත්තර වලින් එලියට එන පැටවුන් අැස් වැසී ඇති අතර ඒවා දිය 6කට පමණ පසු විවෘතවේ. පිහාටු සෑදෙන්නේ දින 11කට පමණ පසුය.

7 comments:

  1. හොද බ්ලොග් එකක්.සුබ පතනවා.පොඩ්ඩක් ප්‍රචාරය කරවගන්න.හොද තැනක් තියෙයි.හොද ලිපි ටිකක් තියෙනවා.දිගටම වැඩේ කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. ඇත්තෙන්ම ප්‍රචාරයක් හැටියට වුනේ යාලුවන්ගේ ෂෙයා කිරීම පමණයි

      Delete
  2. නියමයි සුල අයියා.. බ්ලොග් එක ගොඩක් වැදගත්.

    ReplyDelete
  3. නියමයි සුල අයියා.. බ්ලොග් එක ගොඩක් වැදගත්.

    ReplyDelete
  4. පාසල් දරුවන්ට ගොඩාක් වැදගත් තොරතුරු මේවා . හරිම හොද වැඩක් ...💐💐

    ReplyDelete