Black-headed Snake
විද්‍යාත්මක නාමය : Sibynophis subpunctatus ceylonicus
වෙනත් නම් : Jerdon's Polyodent
ශ්‍රී ලංකාවට ආවේණික වන නිර්විශ සර්ප විශේෂයකි. මීටර 750ක් පමණ වන වියළි කලාපීය ප්‍රදේශ වල හා පහත් තෙත් බිම් වල හා මැදි තෙත් බිම් වල දැකිය හැකිය. නෑබොඩ, පානදුර, ගාල්ල, බෙල්ලන්විල, හොරණ, කොලඹ, පුත්තලම, සිංහරාජය, ගලතුර, ගල්ඔය, සේරුකැලේ, බෙන්තොට, දෙනියාය, කලුතර වැනි ප්‍රදේශ වල වාර්ථා වී ඇත.
Photograph by Chamara Sulakkhana |
Photograph by Chamara Sulakkhana |
හිස ඉහල කලු පැහැති වන අතර යටි පැත්ත කහ පැහැතිවේ. ඉන්පසු කලු පැහැති මුදුවක් බෙල්ල වටා ඇති අතර ඉන්පසු සුදු පැහැයට හුරු කහ පැහැති මුදුවකි. ශරීරය ඉතිරිය ලා දුඹුරු පැහැතිය. දුඹුරු අලු පැහැයත් රතු මිශ්‍ර දුඹුපැහැයත් ඇති ශරීරයේ තද දුඹුරු පැහැති තිත් පේලි දැකිය හැකිවේ. යටිබඩ සුදු පැහැ වන අතර එය දෙපසද කලුපැහැ තිත් පෙල දැකිය හැකිය.
Photograph by Chamara Sulakkhana |
වගාබිම් ආශිතව කුඩා ලඳුකැලෑවල දැකිය හැකිය. දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීදිත් ක්‍රියාශීලිය. පඳුරු යට හෝ ලිහිල් පස් යට සැඟව සිටී.
Photograph by Chamara Sulakkhana |
Photograph by Chamara Sulakkhana |
වරකට බිත්තර 2-6 ත් අතර ප්‍රමාණයක් දමයි. 20cm සිට 35cm දක්වා වර්ධනයක් දක්වයි. කුඩා ගෙම්බන්, කුඩා සර්පයන්, කටුස්සන්, සිකනලුන් වැනි සතුන් ආහාරයට ගනී.
Photograph by Chamara Sulakkhana |
බොහොම ස්තුතියි ..
ReplyDeletewelcome
Deleteදැතිගෝමරය නම් මෙම සර්පයා අද දින මා විසින් හදිසි වැටලීමකින් පසුව අත් අඩංගුවට ගනු ලැබීය. මොහුගේ කලබල කාරී ක්‍රියාවන් හේතුවෙන් බඩ ප්‍රදෙශය සුලු තුවාල ලැබීය. අවසානයේ මොහු ජීවිතක්ෂයට පත්වූ අතර අවසන් කටයුතු කර දැමීය. නිර්මාල් 0727979076
ReplyDeleteහපොයි අහිංසකය මරා දාල
Delete