ලංකාවේ මේ නමින් 2019 වන විට හදුනාගත් මකුලුවන් විශේෂ තුනක් සිටී. එයින් එක් විශේෂයක් වන Scytodes venusta තමා මෙම පළමු විශේෂය.
Scytode නම් ගණයට අයත් වෙන මෙම මකුලුවන් ලංකාවේ ඉදන් ජාවා දූපත් වෙනකම් ව්‍යාප්ත වී තිබේ. එ පමණක් නොවෙයි නෙදර්න්තයේ හදුන්වාදුන් විශේෂයක් වශයෙනුත් දැකිය හැකිය.
සාමාන්‍යයෙන් ගැහැණු සතෙක් දිගින් මිලි මීටර 4.75 ත් 5.5 ත් අතර ප්‍රමාණයක් වෙනවා. පිරිමි සතා මීට වඩා මදක් කුඩායි. හිස ඉදිරියේ ඇස් 6ක් යුගල 3ක් වශයෙන් පිහිටයි.
Photograph by Sulakkhana Chamara |
රතු පැහැයට හුරු තැඹිලි පැහැති මොවුන්ගේ
හිස හා ශරීරය බුබ්බුලාකාරය. හිස තුල පිහිටා ඇති විශේෂ ග්‍රන්ථි මෙයට හේතු වේ. ශරීරය
පුරා හරස් අතට විහිදුනු රතු පැහැති රේඛා සහ හිසේ දිගු අතට විහිදුන මෝස්තරාණුකූල රේඛා
දැකිය හැකිය. දිගු පාද හා ශරීරය පුරා රෝම පිහිටයි.
මොව්නට මේ නම් ලැබී ඇත්තේ ඔවුන්ගේ ආහාර
රටාව නිසාය. නිශාචර වන මොවුන් කුඩා සතුන් නිසලව සිටින අවස්ථා වලදී ඔව්න් වෙත සෙමින්
ලංවේ. ඒ සදහා ඔවුන්ගේ දිගු පාද භාවිතා කරයි. ගොදුරට ලංවූ පසු ගොදුර හා තමා අතර දුර
තමාගේ ඉදිරි පාද හා එහි ඇති රෝම භාවිතා කර මැන ගනී. නියමිත ප්‍රමාණයෙන් ලංවූ පසු
තමාගේ දළ වලින් නිකුත් කරනු ලබන ඇලෙන සුලු සේද වන් මැලියම් නූලක් භාවිතා කර
වියමනක් දමයි. මෙය Zig
Zag ආකාරයේන් විහිදුවනු ලබන අතර තත්ත්පරයකින්
1/600 ක් තරම් කුඩා කාලයකදී සිදු කරයි. මෙම සේද වන් නූල තමා ගේ ශරීරයේ ප්‍රමාණය මෙන්
10 ගුණයක් තරම් දුරකට විසි කිරීමේ හැකියාම මෙම මකුලුවා සතුවේ.
Photograph by Sulakkhana Chamara |
මකුලුවා මෙම නූල යෙදූ පසු ගොදුර සැනින්
අඩපණ වීමට පටන් ගනී. (මෙය ගොදුර විදුලි සැර වැදී අංශභාගයට ලක්වන්නා වැනි සිදු වීමක්
බව මා නිරීක්‍ෂණය කර ඇත. නමුත් එයින් ඇත්ත වශයෙන්ම එසේ අංශභාගයට ලක්වීමක් ද යන්න තවමත්
පැහැදිලි නැත) ගොදුරේ ප්‍රමාණය අනුව නැවත නැවතත් එය වෙලා දමන මෙම මකුලුවා ක්‍රමයෙන්
ගොදුර ආහාරයට ගැනීමට පටන් ගනී.
ගැහැණු සතුන් බිත්තර දැමීමෙන් පසු
බිත්තර පුපුරා යන තුරු පැටවුන් සහිත මල්ලක් තමා ගේ ශරීරය යටි පැත්තේ එල්වාගෙන යනු
දැකිය හැකිය. බිත්තර පුපුරා එළියට එන පැටවුන් මව සමග කාලය ගත කරන අතර ගොදුරු බෙදා
ගනිමින් ආහාරයට ගනී. ලිංගික වශයෙන් පරිණත වීමෙන් පසු තම වාසස්ථානයේ සිට කෙටි දුරකින්
තමාගේම වාසස්ථානයක් සොයා ගමන් කර හැදකලා හැසිරීමක් පෙන්නුම් කරයි.
Photograph by Sulakkhana Chamara |
No comments:
Post a Comment