පාංශු වාසී දිවිපෙවතක් ගත කරන මෙම සර්පයින් බොහෝ අවස්ථාවල මිනිස් වාසස්ථාන තුල හා අවට හමුවේ. ප්‍රාථමික, නොදියුණු සර්ප කාණ්ඩයකි. පණුවෙකු වැනි ඒකාකාර සිලින්ඩරාකාර දේහයක් ඇත.ඉතා කුඩාය. අතිපිහිත නොවන රුහිතාකාර (Diamond shaped) කුඩා කොරළ සහිතය. හිස කද වෙන් වී නොමැත. හොඹුව අර්ධ-කවාකාර වේ. උප ශල්කමය ග්‍රන්ථි (Sub-squamous
glands) කඩ
ඉරි සේ දිස්වේ. ශරීර පැහැය බොහෝ විට දිලිසෙන සුලු දුඹුරු
හෝ කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී. හොඹුව ආශ්‍රිතව මද පැහැයක් ගනී. සමහර විශේෂ වල වල්ගය අග කුඩා මොට කණ්ටකයකින් යුතුය. මෙය ආරක්ෂාව මෙන්ම සංචරණය සදහා යොදා ගනී. පාරගම්‍ය පාංශු වාසී දිවියට අනුරූපව පරිණාමය වූ කොරළ වලින් වැසී ගිය අක්ෂි කුඩා කළු තිත් දෙකක් ලෙස හිසේ තරමක්
පෘෂ්ඨීය වන්නට පාර්ශවිකව පිහිටා ඇත. දත් රහිත යටිහනු පිහිටයි. නිර්විෂැතිය. සපා නොකයි.
|
Photograph by Sulakkhana Chamara |
|
Photograph by Sulakkhana Chamara |
|
Photograph by Sulakkhana Chamara |
|
Photograph by Sulakkhana Chamara |
|
Photograph by Sulakkhana Chamara |
නිශාචර සර්ප විශේෂයක් වන කණ උල්ලන් සවස් කාලයේදී
සක්‍රීය වේ. වැස්සත් සමග පොළව මතුපිටට පැමිණීමේ වැඩි සම්භාවිතාවක්
ඇත. දහවල් කාලයේ දියාපත්වන කොළරොඩු, පස් කන්ඩි තුල දිවි ගෙවයි. තර්ජනයක් දැනුන විගස
ඉතා කලබලකාරීව වේගයෙන් පලායාමට උත්සාහ කරයි. නිදහස් අතින්
හැසිරවීමේදී දුර්ගන්ද ශ්‍රාවයක් පිටකරන අතර තම උල් වූ වල්ග කණ්ටකය මගින්
ඇනීමක් සිදුකර පලායාමට උත්සාහ දරයි. කිසිසේත්ම සපා කෑමට උත්සාහ කරන්නේ නැත.
තම ප්‍රධාන ආහාරය ලෙස පාංශුවාසී කුඩා සතුන් ආහාරයට ගනී. මේ අතුරින්
ගැඬවිලන්, කුහුඹුවන්, වේයන්, කෘමි පිළවුන් හා කෘමි බිත්තර, ප්‍රමුඛ ස්ථානයක් ගනී.
|
Photograph by Sulakkhana Chamara |
එක් විශේෂයක් (Brahminy Blind Snake) කෞමරොද්භවනය
(parthenogenesis) පෙන්වන අතර අනෙක් විශේෂ බිත්තර දමයි.
ක්‍ෂීරපායීන්ට මෙන් ආහාර හැසිරවීම සඳහා ගාත්‍රා නොපිහිටන සර්පයන් තම ගොදුරු සම්පුර්ණයෙන්ම
ගිලින නමුත් Indotyphlops ගණයේ සර්පයන් තම ගොදුරු කැබලි වලට කඩා
ආහාරයට ගන්නා බව පර්යේෂණ වලින් හෙළිව ඇත. වේයන්ගේ හිස
සපා කෑමෙන් වෙන්කර කඳ පමණක් ආහාරයට ගන්නා ආකාරය වාර්තා වී ඇත. ස්වභාවික
පරිසරයේදී කරවැලුන් වැනි සර්ප භක්ෂණය සිදුකරන සර්පයන්ගේ ගොදුරු බවට
පත්වී පරිසර සමතුලිතතාවට දායක වේ.
|
Photograph by Sulakkhana Chamara |
ලංකාවේ
මේ වන විට විශේෂ 09ක් වාර්තා වී ඇත.
- දුමුටු කණඋල්ලා Brahminy Blind Snake (Ramphotyphlops braminus)
- ස්මිත්ගේ කණඋල්ලා Sri Lanka Blind Snake (Typhlops ceylonicus)
- ලක් කණඋල්ලා Lanka Blind Snake (Typhlops lankaensis)
- කබර කණඋල්ලා Pied Blind Snake (Typhlops leucomelas)
- මැල්කම්ගේ කණඋල්ලා Malcolm's Blind Snake (Typhlops malcolmi)
- හීන් කණඋල්ලා Jan's Blind Snake (Typhlops mirus)
- ටේලර්ගේ කණඋල්ලා Taylor's Blind Snake (Typhlops tenebrarum)
- වැද්දාගේ කණඋල්ලා Veddha's Blind Snake (Typhlops veddae)
- දම් කණඋල්ලා Violet Blind Snake (Typhlops violaceus)
No comments:
Post a Comment