Friday 29 May 2020

මැයි මැස්සා - Mayfly

ගෝත්‍රය : Ephemeroptera

වසර මිලියන 300ක පමණ ඉතිහාසයක් ඇති සත්ත්ව විශේෂයක් වන මොවුන් මැයි ජූනි කාලයේදී පරිණත අවධියට පත්වේ. එමෙන්ම පරිණත අවධියට පත් වූ පසු ඉතා කෙටි ආයුකාලයක් පවතින අතර එය සම්පූර්ණ වශයෙන් තම වර්ගයා බෝකිරීමේ කාර්යය සදහා පමණක් වැය කරයි.
Photograph by Sulakkhana Chamara - Imago රෑපාන්තර අවධිය
මේ වන විට ලොව පුරා විශේෂ 2500කට ආසන්න ප්‍රමානයක් හදුනාගෙන ඇත. පිරිසිදු මිරිදියේ වාසය කරන අතර විශේෂ කීපයක් පමණක් කරදිය මිශ්‍ර මෝය ආශ්‍රිතව වාර්තා වී ඇත. ජලාශ ආශ්‍රිත පරිසර පද්ධති තුල විශාල මෙහෙයක් සිදු කරන සත්ත්ව විහේෂයකි. මොවුන්ගේ ශිෂුවන් ඇල්ගී හා ජලජ ශාක පමණක් ආහාරයට ගන්නා අතර ජලජ මතස්‍යයන් මොවුන් ආහාරයට ගැනීමට වඩා ප්‍රියතාවයක් දක්වයි. 

බොරලු මිශ්‍ර පතුලක් සහිත ජලාශ වල හා සෞම්‍ය කලාපීය ඇල දොල ආශ්‍රිතව ජීවත් වන මොවුන් වර්ග අඩියක ප්‍රමාණය තුල ශිෂුවන් 1400 ක පමණ වාර්තා වී ඇති අතර සමහර විටෙක ඉතා කෙටි වරග ප්‍රමාණයක විශේෂ 33ක් පමණ වාර්තා වූ අවස්තාද පවතී.

ජීවන චක්‍රය බිත්තර, ශිෂුවා, subimago සහ imago නම් අවධි වලින් සමන්විත වේ. Imago අවධියේදී තම රෑපාන්තනය රෑකඩ අවධියක් දක්වා පරිවර්තනය කර ගනී. මොවුන් වැඩිහිටි imago අවධියේදී ආහාර ගැනීමක් සිදු නොකරන අතර සම්පූර්ණ වශයෙන්ම සංසර්ගයේ යෙදීම හා බිත්තර දැමීම සදහා පමණක් වැය කරයි. imago තත්ත්වයට පත්වීමෙන් පසු ඔවුන්ගේ ජීවිත කාලය ගැහුණු සතෙකු මිනිත්තු 5ක් පමණ හා පිරිමි සතෙකු දින දෙකක් පමණ කාලයක් ගත කරයි. වැඩිහිටි සත්වයෙකු 2.5mm සිට 3.5mm දක්වා පමණ ප්‍රමාණයේ වේ.

ශිෂු අවධියෙන් පසු ජල මතුපිටින් පිටවන මැයි මැස්සන් අවධි දෙකක් ගත කරයි එයින් දෙවැනි අවධියේදී වැඩිහිටි මැයි මැස්සන් අහසේ පියාසරමින් සංසර්ගය සදහා උත්සාහ කරයි. සංසර්ගයෙන් පසු පිරිමි සතුන් තවත් ගැහැණු සතෙකු සොයා යන අතර ගැහැණු සතුන් ජල මතුපිට බිත්තර 50ත් 10000 අතර ප්‍රමාණයක් දමයි. ඉන්පසු ගැහැණු සතුන් ජල මතුපිට මිය යයි. සති දෙකකින් පමණ බිත්තර පුපුරා ශිෂුවන් පැමිණෙන අතර ශිෂු අවධිය වසරක් හෝ වසර දෙකක් පමණ වේ. ශිෂුවන් පරිණත වීම අදියර දෙකකි. පළමු අදියර subimago නමින් හැදින්වෙන අතර ශිෂු කවචය තත්පර 30කින් පමණ හෙලා දමා මෙම අවධියට පත්වේ.ඉන්පසු පැය 24ක් තුල සම්පූර්ණ imago අවධියට පත්වේ.

No comments:

Post a Comment