Monday 18 October 2021

Celler Spiders

Pholcidae Family

හැම කෙනෙක්ගෙම ගෙදර ඉන්න අඬු දිග ඇගෙන් ඉතා කුඩා මකුලුවෙක් තමා මේ Celler Spider කියන මකුලු කාණ්ඩය. මෙයාල ගැන මම ලියන්න හේතුව තමයි මේ අයගෙන් නිවසකට වෙන සේවය. 

සාමාන්‍ය Celler මකුලුවෙක්
 
වැඩුණු පිරිමි සතෙක්
වැඩුණ සතෙක් ශරීර දිග ප්‍රමාණයෙන් මිලි මීටර තුනක ප්‍රමාණයේ සිට මිලි මීටර 7-8 ප්‍රමාණය දක්වාවූ විශේෂ මේ අතරේ ඉන්නවා. පාද සමඟ මුලු ශරීර දිග ප්‍රමාණය සැළකුවොත් ශරීර ප්‍රමාණය වගේ හය ගුණයක තරම් විශාලත්වයක් තිබෙනවා. හිස වගේ තුන් ගුණයක පමණ විශාලත්වයක් තියෙන උදරය කොටසක් තිබෙනවා. මකුලුවන්ට තිබෙන්නේ පැහැදිලිව වෙන් කල හැකි ශරීර කොටස් දෙකයි. ඒ ශීර්ෂ උරස (Thorax) සහ උදරය කියන කොටස් දෙක. නිවෙස් තුල අලු පැහැයෙන් කහ පැහැයට හුරු විශෙෂ සිටින අර නිවසින් පිටත කොළ පැහැ විශේෂද සිටිනවා.

කොළ පැහැති විශේෂයක්
 

මෙම විශේෂ අක්‍රමවත් දැල් වියන්නන් වන අතර අඳුරු අපිරිසිදු නිශ්ශබ්ද ස්ථානයක් දැල වියන්නට තෝරා ගන්නවා. සාමාන්‍යයෙන් වැඩි ආර්ද්‍රතාවක් ඇති ස්ථාන වල දකින්න පුලුවන්. 

දැල තුල සෙලවීමකින් තොරව බලා සිටින අතර තමාට අනතුරුක් සිදු වීමේ ඉඩ ඇති අවස්ථාවකදී පාද ආධාරයෙන් සම්පූර්ණ දැල පැද්දීම සිදු කරනවා. මේ මගින් විලෝපිකයාගෙන් හෝ අනතුරින් තමාට ඇති අවධානය බිදීම සිදු කර වෙනත් ස්ථානයකට වේගයෙන් පලායාම සිදු කරනවා. ගොදුරු දැල මත සිර වූ  පසු එම ගොදුරේ ප්‍රමාණය කුඩා නම් වහා පැමිණ විෂ එන්නත් කොට සම්පූර්ණ ගොදුර දැල් මගින් ඔතනු ලැබේ. ගොදුරේ ප්‍රමාණය විශාල නම් සහ හරි හැටි තම දැලේ පැලී නැති අවස්ථා වලදී පෙර මෙන්ම සම්පූර්ණ දැල පැද්දීමකට ලක්කර ගොදුර සිර කර ගැනීමට උත්සාහ දරනවා. පසුව ගොදුරට විශ එන්නත් කොට ඉක්මනින් ඔතනු ලබනවා.  

වෙනත් මකුලුවෙකුට ගොදුරු වූ Celler මකුතුවෙක්

වැඩුණු පිරිමි සතෙක් සංසර්ගයට සූදානම්ව

වැඩුණු පිරිමි සතෙක් සංසර්ගයට සූදානම්ව

ගොදුර ක්‍රමාණුකූලව එතීමෙන් පසු එය ආහාරයට ගන්නා අතර මකුලුවන්ගේ උදරය ඉතා තුනී බැවින් ගොදුර විෂ මගින් දියකර උරා බීම සිදු කරයි.  මොවුන් ආහාර වශයෙන් කුඩා කෘමීන්, කුහුඹුවන්, මැස්සන් වැනි සතුන් ගොදුරු කර ගනී. කලාතුරකින් වෙනත් මකුලු විශේෂ ආහාරයට ගන්නා අවස්ථා ද තිබේ.

වෙනත් මකුලුවෙක් ගොදුරු කරගත් අවස්ථාවක්

බිත්තරයේ සිට වැඩිහිටි සතෙකු බවත් පත්වීම සදහා වසරක පමණ කාලයක් ගත කරයි. වැඩිහිටියෙකු වශයෙන් සාමාන්‍යයෙන් වසර දෙකක් පමණ ගත කරයි. එක් ජීවිතක කාලයක් තුල ගැහැණු සතෙකු තෙවරක් පමණ බිත්තර දමන අතර වරකදී බිත්තර 13-60 ක් දක්වා දමයි. මොවුන් බිත්තර පුපුරා පැටවුන් එලියට එනතුරු එම බිත්තර පැසක් තුල හොබවා මුඛ උපාංග භාවිතා කර ඔසවාගෙන සිටී.  බිත්තර පුපුරා එලියට එන පැටවුන් දින කීපයක් මවගේ දැල තුල සිටින අතර පළමු හැව ඇරීම සිදු කර මවගෙන් ඉවත්ව තමා සදහා සුදුසු ස්ථානයක් සොයා පිටව යයි. 

පැස තුල බිත්තර

පැස තුල බිත්තර

පැස තුල බිත්තර පුපුරා යාමට ආසන්න කාලයේ

මොවුන්ගේ විෂ මිනිසාට කිසිදු හානියක් නොමැති අතර අරක්නොෆෝබියා යන මානසික තත්ත්වය ඇති පුද්ගලයන් බියට පත් කරයි. ඔවුන් සිටින ස්ථානයක කිසිදු හානියන් සිදු නොවන අතර එම ස්ථාන වල ඇති කුඩා සතුන් (මදුරුවන් වැනි) ආහාරයට ගන්නා නිසා වාසියක් සිදුවේ.

පුපුරා යාමට ආසන්න බිත්තර පැස

බිත්ත්ර පැස පුපුරා යන අතරතුර

වරක් වියන ලද Celler Spider දැලක් ගොදුරු වලින් පිරී අපිරිසිදු වූ විට ඔවුන් එම දැල එකතු කර දැල රඳවා ඇති බිත්තියක හෝ ගසේ තැනක රඳවා අලුතින් දැලක් විවීම සිදු කරයි. කාලයක් මෙම සතුන් සිටි බව හැඟවීම හෝ මොවුන් සිටින බව දැන ගැනීම සදහා මෙලෙස ඉතිරි කර ඇති දැල් ගුලි භාවිතා කල හැකිය.

කෙලවරක එකතු කර ඇති පැරණි දැල් ගුලියක් සහ ගොදුරු සහ හැව නිසා අපවිත්‍ර වූ  දැලක්

බිත්තිය කෙලවරක එකතු කර ඇති පැරණි දැල් ගුලියක්

3 comments: