Tuesday 7 February 2023

අළු රදනකයා Common Wolf Snake

Common Wolf Snake

විද්‍යාත්මක නාමය : Lycodon aulicus
 
ශ්‍රී ලංකාවේ හමුවන රදනක විශේෂ අතරින් වැඩිම ව්‍යාප්තියක් ඇති රදනකයන් අලු රදනකයන්ය. උග්‍ර විෂ කරවලුන්ගේ වර්ණ රටා අනුතරණය කරන නිසාවෙන් නිර්විෂ මොවුන් බොහෝ විට මරණයට පත් කරන ආකාරයවක් දැකිය හැකිය. නමුත් මොවුන්ගේ ඇති අනන්‍ය දේහ ලක්‍ෂණ කීපයක් මගින් කරවලුන්ගෙන් වෙන් කර ගත හැකිය.
පැහැදිලිව වෙන් කල හැකි හිසක් රදනකයන්ට පවතින් නමුත් කරවලුන්ගේ හිස ගෙල වෙන් කර හඳුනාගැනීම අපහසුය. කරවලුන් සතු පෘෂ්ඨීය කශ්රුක කොරළ ෂඩස්‍රාකාර වන නමුත් රදනකයන්ගේ එසේ වෙනස් කොරළ දැකිය නොහැක. අළු රදනකයන්ගේ පෞච්ච උදරීය කොරළ / subcaudal scales බෙදුනු ස්වභාවයක් ගන්නා අතර කරවැලුන්ගේ නොබෙදුණු පෞච්ච උදරීය කොරළ වින්‍යාසයක් දැකගත හැකි වේ. රදනකයන්ගේ දේහයේ හැඩය කරවැලුන්ගේ තරම් දිගු නොවන අතරම සිලින්ඩරාකාර දේහය උදරීයව තරමක් පළල් වී  දේහයේ අපර කොටසට යන විටදී ක්‍රමයෙන් සිහින්ව යන නමුත් කරවැලුන්ගේ දේහය හිසේ සිට දේහයේ අපර කොටස දක්වාම ඒකාකාරී සිලින්ඩරාකාර බවකින් යුක්ත වී වල්ගය කොටසේදී පමණක් තරමක් සිහින් ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.
 
කරවැලුන්ගේ පොදු වර්ණය කළු , නිල් මිශ්ර කළු වගේ වෙනවා. පැටව් අවධියේ කළු පැහැයට හුරු අළු රදනකයන් සිටියත් ඉහත සඳහන් කොරළ ස්වභාවය වගේම සුදු හරස් පටි ස්වභාවය අනුව කරවැලුන්ගෙන් වෙන් කරගන්න පුළුවන්. අළු රදනකයන්ගේ හරස් පටි කොන්ද ප්රදේශයෙන් දෙපසදී (පාර්ශවික පෙදෙස) බෙදීමකට ලක් වෙනවා. සරළව සිතුවොත් පාර්ශවිකව අනිත්පැත්ත හැරවූ Y අකුරක හැඩයක් සේ පේනවා.
 
ලංකාව පුරා විවිධ වර්ණ ප්‍රශේද හමුවී ඇත. නිර්විෂ වුවද රදනකයන්ගේ රදනක දත් වල විශාලත්වය හේතුවෙන් සපා කෑම් වලට ලක්විය හැකිය. භෞමික සත්වයන් වුවද ගස් නැගීමේ හිකිවක් ද කපරාරු නොකල බිත්ති දිගේ ගමන් කිරීමද සිදු කල හැකිය. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ප්‍රධාන ආහාරය ලෙස හූනන් දැක්විය හැක. මීට අමතරව කටුස්සන් කුඩා මීයන් වැනි සතුන්ද ආහාර ලෙස ගනී. වෙනත් කුඩා සර්ප විශේෂද ආහාර වශයෙන් ගන්නා අවස්ථා ද වාර්තා වී ඇත.
 
මොවුන්ගේ ගැහැණු සතුන් වරකට බිත්තර 3 – 11 ක් පමණ දමන බව වාර්තා වේ. මොවුන් බියට පත්වූ අවස්ථා වලදී වේගවත්ව පලා යාමට උත්සාහ කලද එසේ නොහැකි අවස්ථා වලදී ගුලිවී හිස සඟවාගැනීමට උත්සාහ දරයි. 

No comments:

Post a Comment