Tuesday, 7 February 2023
මල් රදනකයා Flowery Wolf Snake
අළු රදනකයා Common Wolf Snake
Monday, 18 October 2021
Celler Spiders
Pholcidae Family
හැම කෙනෙක්ගෙම ගෙදර ඉන්න අඬු දිග ඇගෙන් ඉතා කුඩා මකුලුවෙක් තමා මේ Celler Spider කියන මකුලු කාණ්ඩය. මෙයාල ගැන මම ලියන්න හේතුව තමයි මේ අයගෙන් නිවසකට වෙන සේවය.
සාමාන්‍ය Celler මකුලුවෙක් |
වැඩුණු පිරිමි සතෙක් |
කොළ පැහැති විශේෂයක් |
මෙම විශේෂ අක්‍රමවත් දැල් වියන්නන් වන අතර අඳුරු අපිරිසිදු නිශ්ශබ්ද ස්ථානයක් දැල වියන්නට තෝරා ගන්නවා. සාමාන්‍යයෙන් වැඩි ආර්ද්‍රතාවක් ඇති ස්ථාන වල දකින්න පුලුවන්.
දැල තුල සෙලවීමකින් තොරව බලා සිටින අතර තමාට අනතුරුක් සිදු වීමේ ඉඩ ඇති අවස්ථාවකදී පාද ආධාරයෙන් සම්පූර්ණ දැල පැද්දීම සිදු කරනවා. මේ මගින් විලෝපිකයාගෙන් හෝ අනතුරින් තමාට ඇති අවධානය බිදීම සිදු කර වෙනත් ස්ථානයකට වේගයෙන් පලායාම සිදු කරනවා. ගොදුරු දැල මත සිර වූ පසු එම ගොදුරේ ප්‍රමාණය කුඩා නම් වහා පැමිණ විෂ එන්නත් කොට සම්පූර්ණ ගොදුර දැල් මගින් ඔතනු ලැබේ. ගොදුරේ ප්‍රමාණය විශාල නම් සහ හරි හැටි තම දැලේ පැලී නැති අවස්ථා වලදී පෙර මෙන්ම සම්පූර්ණ දැල පැද්දීමකට ලක්කර ගොදුර සිර කර ගැනීමට උත්සාහ දරනවා. පසුව ගොදුරට විශ එන්නත් කොට ඉක්මනින් ඔතනු ලබනවා.
වෙනත් මකුලුවෙකුට ගොදුරු වූ Celler මකුතුවෙක් |
වැඩුණු පිරිමි සතෙක් සංසර්ගයට සූදානම්ව |
වැඩුණු පිරිමි සතෙක් සංසර්ගයට සූදානම්ව |
ගොදුර ක්‍රමාණුකූලව එතීමෙන් පසු එය ආහාරයට ගන්නා අතර මකුලුවන්ගේ උදරය ඉතා තුනී බැවින් ගොදුර විෂ මගින් දියකර උරා බීම සිදු කරයි. මොවුන් ආහාර වශයෙන් කුඩා කෘමීන්, කුහුඹුවන්, මැස්සන් වැනි සතුන් ගොදුරු කර ගනී. කලාතුරකින් වෙනත් මකුලු විශේෂ ආහාරයට ගන්නා අවස්ථා ද තිබේ.
වෙනත් මකුලුවෙක් ගොදුරු කරගත් අවස්ථාවක් |
පැස තුල බිත්තර |
පැස තුල බිත්තර |
පැස තුල බිත්තර පුපුරා යාමට ආසන්න කාලයේ |
පුපුරා යාමට ආසන්න බිත්තර පැස |
බිත්ත්ර පැස පුපුරා යන අතරතුර |
කෙලවරක එකතු කර ඇති පැරණි දැල් ගුලියක් සහ ගොදුරු සහ හැව නිසා අපවිත්‍ර වූ දැලක් |
බිත්තිය කෙලවරක එකතු කර ඇති පැරණි දැල් ගුලියක් |
Saturday, 13 March 2021
Harvestmen or Daddy Long Legs
මොවුන් මකුලුවන්, මයිටාවන් සහ ගෝණුස්සන් අයත් වන Arachnida පවුලට අයත්වේ. අනෙක් Arachnida සාමාජිකයන්ට මෙන්ම මොවුන්ට ද පාදු යුගල හතරක් මෘශ පදාංශ (pedipalps) හා සදංශ ශෘංග (chelicerae) තිබේ. ඇන්ටෙනා නොමැත. කකුල් ඉතා දිගු වන අතර විශේෂ කීපයක් පමණක් මයිටාවන්ට මෙන් කෙටි කකුල් පිහිටයි. බොහෝ විට මකුලුවන් යැයි වරදවා වටහා ගන්නා නමුත් මකුලුවන්ට මෙන් පැහැදිලිව වෙන් වූ උරස සහ උදරය මොවුන්ගේ ශරීරයේ දක්නට ලැබෙන්නේ නැත. තවද මකුලුවන්ට පිහිටන්නා වූ විෂ ග්‍රන්ථි ද මොවුන්ට පිහිටා නැත.
වසරක පමණ ජීවිත කාලයකට හිමිකම් කියන මොවුන්ගේ ගැහැණු සතුන් තෙත පසෙහි බිත්තර දමනු ලැබේ. බිත්තර වලින් පිටතට පැමිණෙන කුඩා සතුන් විශාල වෙත්ම හැව ඇරීම සිදු කරයි. මෙය රූපාන්තරණය නම් වේ. තෙත සෙවන සහිත පරිසරයක් තුළ ජීවත් වේ. මැරුණු ශාක කොටස් හෝ සතුන් සිටින ස්ථාන වල සිටින මොවුන් කුඩා කෘමි සතුන් එනතුරු සැගව සිට ගොදුරු අල්ලා ගැනීම සිදු කරයි.මොවුන් සතුව විෂ ග්‍රන්ථි නොමැති නමුත් සමහර විශේෂ වල ශරීරය දෙපස ඇති කුඩා ග්‍රන්ථි තුළ රස සහ සුවදින් අප්‍රිය වන්නා වූ ස්‍රාවයක් පවතී. එය විලෝපිකයන්ගෙන් ආරක්‍ෂා වීමට උපකාරී වේ. විශාල මකුලුවන්, කුරුල්ලන් හා Assassin Bug වැනි විලෝපික කෘමීන් මොවුන්ව ආහාරයට ගනී.Thursday, 1 October 2020
පෙරදිග නිල් මඩ ගොහොරු බඹරා Oriental blue mud dauber wasp
ප්රමාණයෙන් අගලක් පමණ දිග ශරීරයක් ඇත. ගැහැණු සතුන් හා පිරිමි සතුන් ප්‍රමාණයෙන් සමාන වේ. ආක්‍රමණශීලීතාවයක් නොපෙන්වන මොවුන්ගේ දෂ්ඨනයන් ඉතා දුලභය.
Photograph by Sulakkhana Chamara - Chalybion bengalense කැදැල්ලට යන අයුරු |
මල් පැණි ආහාරයට ගනිමින් ජීවත් වේ. නමුත් ඔවුන්ගේ කූඩු තුල පැණි එකරැස් නොකරයි. අනෙක් බඹර විශේෂ මෙන්ම විලෝපිකයන් වන මොවුන් බිත්තර දැමීම සදහා ධාරකයා වශයෙන් මකුලුවන් තෝරා ගනී. ගැහැණු සතුන් මකුලුවෙකු අල්වාගෙන ඔවුන්ගේ උදරය තුලට මල එන්නත් කරයි. මල තුල ඇති විෂ නිසා මකුලුවා අංශභාග තත්ත්වයට පත්වේ. පසුව එම මකුලුවන් ඔසවාගෙන කූඩුව සදහා තෝරාගත් සිදුර තුල ගබඩා කරනු ලැබේ. ගබඩා කිරීමට ප්‍රථම මකුලු උදරය තුලට බිත්තරයක් ඇතුලු කරයි.
Photograph by Sulakkhana Chamara - Chalybion bengalense මකුලුවා තුලට බිත්තර දමා කැදැල්ලට දැමීමට පෙර |
බිත්තර දමා සංරක්ෂණය කරනු ලබන මකුලුවන්ගේ සිරුරු කීටයන් පිටතට පැමිණ ආහාරයට ගන්නා තෙක් කැදලි තුල ආරක්ශා වේ. මකුලුවන් කිහිප දෙනෙකු සහිත කැදැල්ලේ විවරය ගැහැණු සතුන්ගේ ඛේඨය සහ මඩ එක්කර සාදාගන්නා මිශ්‍රණයක් මගින් වසා දමනු ලැබේ.
Photograph by Sulakkhana Chamara - Chalybion bengalense ගේ කැදැල්ල තුල බිත්තර දැමූ මකුලුවන් ගොඩ ගසා ඇති ආකාරය |
ගොහොරු බඹරන් අතුරින් වඩා සුවිසල්ව පැතිරුන විශේෂය වශයෙන් Chalybion bengalense හැදින්විය හැක. අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරය, සීනයි අර්ධ ද්වීපය, ඕමානය සහ ඉරාකය, නැගෙනහිර දෙස ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, ජපානය, ඉන්දුනීසියාව, පිලිපීනය හරහා නිව් ගිනියාව සහ ඕස්ට්‍රේලියාව තෙක් වාර්තා වී ඇත.
Photograph by Sulakkhana Chamara - Chalybion bengalense බිත්තර දමා අවසන් කල පසු වසා දමා ඇති කැදැල්ලක් |
Sunday, 21 June 2020
දිමියා වැනි මකුලුවා Kerengga ant-like jumper
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - පිරිමි සතෙකු මදුරුවෙකු දඩයම් කරගෙන |
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - ගැහැණු සතෙක් දඩයමක අවසානය රස විදිමින් |
Photograph by Sulakkhana Chamara - Myrmaplata plataleoides - ගැහැණු සතෙක් දඩයමක අවසානය රස විදිමින් |
Saturday, 20 June 2020
කඩදාසි බඹරා - Paper Wasp
Photograph by Sulakkhana Chamara |
Photograph by Sulakkhana Chamara |
Photograph by Sulakkhana Chamara |
Instagram එකේ Follow කරන්න
https://www.instagram.com/sulakkhana.c/